මීගමුවේ පාප්තුමන්ගේ උත්සවයේ අක්‍රමිකතා රැසක් ඇතියි කිතුණුවන්ගෙන් චෝදනා??

0
131

Pope NGB 2මීගමුව බෝලවලානේ පිහිටි ශාන්ත බෙනඩික් සංස්කෘතික ආයතනය විවෘත කිරිිම ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ශ්‍රි ලංකා ගමනේ අවසන්  කටයුත්ත විය.
සුදතුම් පියා පිලිපිනය බලා යාමට පිටත්විමට පෙර මේ උත්සවය සංවිධානය කොට තිබුණි.
ෆ්‍රැන්සිස් පාප්තුමන් අද දිනයේද දැක ගැනිම සදහා අතිවිශාල ජනකායක් මගදෙපස රැස්ව සිටියහ.
එහෙත් මේ උත්සයේදි මීගමුව ප්‍රදේශයේ අයට කුඩම්මාගේ සැලකිලි ලැබි ඇතැයි චෝදනා රැසක් මේ වන විටත් අප වෙත ලැබෙමින් පවති.
මීගමුවේ සියළුම කටයුතු ආවරණය කිරිමට දිනපතා වෙහෙසෙන මාධ්‍යවේදින්ට පවා පාප්තුමන් විසින් ශා.බෙනඩික් සංස්කෘතික ආයතනය ආසිරි ගැන්විමේ මොහොත ආවරණය කිරිමට ඉඩ ලැබුනේ නැත.
එහෙත් මීගමුවේ ඇතැම් ඡායාරූපගාර වල අයවලුන් මාධ්‍යවේදින්සේ මේ සියළු අවස්ථාවන් ආවරණය කිරිමට වරම් ලබාතිබුන බව මීගමුවේ මාධ්‍යවේදිහු පවසති.
මේ අවස්ථාව සදහා සම්බන්ධ විමට පැමිණ සිට ඇතැම් ප්‍රභූන්ට  සලකන ලද අකාරය ගැන  පැමිණිලි රැසක් අප වෙත ලැබෙමින් තිබේ.
විශේෂයෙන්ම බෝලවලාන මිසමේ ප්‍රධානින් ට පවා මෙම සංවිධායකයන් විසින් සලකා ඇති ආකාරය ගැන දොස් තිබේ.
අප අමතා කථාකළ එක් කිතුණු ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ කොළඹ කොච්චිකඩේ සිට මීගමුවට පැමිණ ඇතැයි කියන කතෝලික පියතුමකු විසින් කොළඹ ඇතැම් ව්‍යාපාරිකයන්ට පවා විශේෂ අමුත්තන් ලෙසින් VVIP ගණයේ සැලකුම් ලැබන්නට කටයුතු සලසා තිබියදි මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතාට සහ කටාන සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මහත්මියට ලැබි ඇතැයි කියන්නේ VIP පාස් එකක් පමණි.
මේ අතර බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලංසාද VVIP වරම් ලැබ තිබේ.
මේ සියල්ල පිටුපස සිටින්නේ කව්දැයි බෝලවලාන මීසමේ ප්‍රධාන ක්‍රියාකාරින් ප්‍රශ්ණ කර සිටිති.