මීගමුවේ පැවැති මාධ්‍ය වැඩමුළුවටත් ආණ්ඩුවේ මැරයෝ කඩාපනි.?

0
47

19ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් පවත්වන්නට යෙදුන විමර්ශනාත්මක මාධ්‍යකරණය පිළිබදව තෙදින වැඩමුළුවක් මීගමුව ගෝලඩි සැන්ඩ් හෝටලයේ පැවැත්වෙමින් තිබියදි එහි කඩා වැදුන උද්ඝෝෂකයන් පිරිසක් හේතුවෙන් වැඩමුළුව අතර මග නවතා දමන්නට සිදුව ඇත.
ජාතිය සමඟිය ගොඩනැගිමේ සංසදය ලෙසින් නම් කර ගත් මේ උද්ඝෝෂකයන් මුලදි හෝටලය ඉදිරිපිට පාරේ පැත්තක විරෝධතාවක නියැලෙමින් සිට පසුව හෝටලයේ පිවිසුම් දොරටුව අසලට පැමිණ උද්ඝෝෂණයේ නියැලුණෝය.
මේ හේතුවෙන් හෝටලයේ පිවිසුම් දොරටුව එහෙම පිටින්ම හරස්විම නිසා එහි පැමිණෙමින් සිටි විවාහ මංගල උත්සව 3 ක පිරිස් මහත් අපහසුතාවකට ලක්ව සිටිනු දක්නා ලදි.
කෙස් වෙතත් පොලිසිය උද්ඝෝෂකයන් හට තවදුරටත් හෝටලය ඇතුලතට යාමට  තිබුණු ඉඩ අහුරාලිමට කටයුතු කළද හෝටල් පරිශ්‍රයට ඇතුළු විමට ඉඩලබාදිමෙන් සිදුකර තිබුනේ බරපතල වරදකි.
එය වලක්වා ලිමට තරම් පොලිස් බලඇණියක් ඒ අවස්ථාවේ සිටියද ඒ සදහා සක්‍රිය මැදිහත්විමක් සිදුකිරිමට පොලිසිය කටයුතු කර නොතිබුණි.එසේ වන්නට ඇත්තේ මේ උද්ඝෝෂණයට රජයේ ඉහල පෙලේ අයෙකුගේ පුර්ණ ආරක්ෂාව සහ අන්‍රග්‍රහය ලැබු තිබුණි නිසාවෙනි.
මේ අවස්ථාව විමතියෙන් මෙන් නරඹමින් සිටි විදේශිකයන් පිරිසක්ද විය.