මීගමුවේ පිරිසිදු ආපනශාලා ඇතිවෙනවට අකමැතිවුනේ හිටපු නගරාධිපති ජයවීරද ?සෞඛ්‍ය කමිටු සභාපති දයාන්ද ?

0
189
මීගමුවේ පැවැති හෝටලයක කුස්සියක්
මීගමුවේ පැවැති හෝටලයක කුස්සියක්

( 10.00 am ) මීගමුවේ ආපනශාලා පළාත් පාලන නියමයන්ට අනුව H 800 වන වගන්තියට අනුව වර්ගීකරණය කිරිම සදහා වැඩසටහන් ආරම්භ කරන්නට යෙදුනේ නිමල් ලංසා මීගමුවේ නගරාධිපතිව සිටින කාලයේදිය.
එනම් මීට වසර 12 කට පෙර තරම් කාලයකදිය.
පසුව නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකු කැබිනට් නියෝජ්‍ය ඇමතිවරයෙකු විය.
එහෙත් මිගමුවේ ආපනශාලා වර්ගීකරණය කොට ප්‍රමිතකරණයකට යටත් වුයේ නැත.
දායන් ලංසා යනු  මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිය.එමෙන්ම මීගමුව සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයාද වෙයි.
එහෙත් ගෙවුණ දශකයකටත් වැඩි කාලයක් තුල මීගමුවේ ආපනශාලා විධිමත් ලෙසින් පිළිවෙල කරන්නට හැකිව තිබුනේ නැත.
මීගමුවේ හෝටල් වර්ගිකරණය කිරිම ගැන අප මහජන සෞඛ්‍ය නිලධාරින්ගෙන් විමසා සිටින අවස්ථාවෙදි ඔවුන් හැමදාම කියා සිටියේ තවත් මාසයකින් එය ඉටුකරනු ලබන බවය.
එහෙත් වසර ගණන් ගෙවුනද ඒ මාසය කවදාවත්ම පැමිණියේද නැත.
මෙවන් පසුබිමක් යටතේ මෙහි ඇති වැදගත්කම නගරාධිපති ඇන්ටනි ජයවීර හට කියා සිටියද ඉන්ද  සෙතක් වුයේ නැත.දැනට දායන් ලංසා පාලනය හා ඉතාමත් සමිපයෙන් කටයුතු කරන මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න මහතා මේ ගැන ඉතා හොදින් දනි.
කොටින්ම කියන්නේ නම් සෞඛ්‍ය කමිටු සභාපතිවරයා ලෙසින් මීගමුවේ ආපනශාලා වර්ගකරණය කිරිම සදහා H 800 නමින් වැඩසටහනක් තිබුන බවක්වත් දයාන් ලංසා නොදන්නවා විය යුතුය. මේ නිසාම පසුගිය දශකයක කාලයක් තිස්සේ මිගමුවේ ආපනශාලා හිමියෝ බහුතරයක් ප්‍රමිතිය ගැන කිසිදු වගක් නැතිව පිස්සු කෙලින තත්වයකට පත්ව තිබුණේය.dayan 3dayn 2
මින් කියැවෙන්නේ කුමක්ද ?නගරයක ආහාර ප්‍රමිතිගතකරණයකට ගෙනඒමට සැලැස්මක් නිර්මාණය කිරිමට සහ ක්‍රියාත්මක කිරිමට වසර 10 ගියද හිටපු සෞඛ්‍ය කමිටු සභාපතිවරයාට නොහැකි වු බවය.
දැන් ඔහු නගරාධිපතිය.හෝටල් වල කුණු වෙච්ච ආහාර අල්ලන්න දැන් කැමරා කණ්ඩායමක්ද රැගෙන ඔහු මහජන සෞඛ්‍ය පරික්ෂකයන් සමගින් සංදර්ශණයක්ද පවත්වමින් සිටි.
මේ සියල්ල ගැන අපට කියන්නට ඇත්තේ  විසිල්  විතරමයි බල්ටිනැති බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here