මීගමුවේ පෙරහුරු ඡන්ද විමසුම ….

0
72

102952935_3003729059719619_1272534079149267482_n

අද (13) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වුන අතර ගම්පහ දිස්ත්‍රික්කය සදහා එය පැවැත්වුනේ මිගමුවේ සා.සෙබස්තියන් විදුහලේදිය.

මෙම වැඩසටහන අද  ගම්පහ, ගාල්ල, හම්බන්තොට, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන් පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබුණි.

මීගමුව, කල්පිටිය, කොටපොල, ලුණුගම්වෙහෙර, රත්තොට සහ දිඹුලාගල යන ප්‍රදේශවලදී මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

.කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය භාවිත කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙම පෙරහුරු මැතිවරණ පැවැත්වීමෙන් අපේක්ෂා කෙරෙන බව සදහන් විය.

ඒ ආකාරයෙන් සංවිධානය කළ පළමු පෙරහුරු මැතිවරණය පසුගිය 07 වනදා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණු අතර අද මිගමුවේ පැවැති පෙරහුරු ඡන්ද විමසුමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද එක්ව තිබුණි.