මීගමුවේ පොත් වංවාව ගැන විමර්ශණ දිගටම….! කොමසාරිස්වරියත් පොලිසිය හමුවට…

0
143

දුප්පත් දරුවන් හට බෙදාදිම සදහා මහජන බදුමුදලින් මිළට ගෙන තිබු අභ්‍යාස පොත් තොගයක් මිගමුවේ පොත් කඩයක අලෙවි කරමින් තිබියදි විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් පිරිසකගේ මැදිහත්විම නිසා අදාල ව්‍යාපාරිකයා පොලිස් අත්ඩංගුවට පත්කිරිමට ඊයේ දිනයේ හැකිව තිබුණි.
අදාල ව්‍යාපාරිකයා විසින් පොලිසිය පවසා තිබුනේ ෂේන් නැමැති තරුණයෙකු විසින් ඒ පොත් ඔහුට ලබා දි තිබුණ බවය.
අදාල තරුණයා මිගමුවේ කාමච්චෝඩ කොට්ටාශයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කළ අයෙකුද බවද කියැවේ
කෙසේ වෙතත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වු නාගරික මන්ත්‍රිවරුන් කියා සිටියේ මෙම වංචා ගැන නගරාධිපතිවරයා මෙන්ම නාගරික කොමසාරිස්වරියද වගකිව යුතු බවය.
ඒ අනුව අද( 22) දවල් 10.30 ට පමණ මිගමු පොලිසිය පැමිණ තිබුණ නාගරික කොමසාරිස්වරිය ඉන් පිටව ගොස් තිබුනේ දහවල් 2 ට පමණය.
ඇයත් සමගින් නගර සභාවේ ලේකම්වරයා මෙන්ම සුභසාධන නිළධාරිණියද පැමිණ තිබුණි.
මාධ්‍යවේදින් විසින් නාගරික කොමසාරිස්වරියගෙන පොත් වංචාව ගැන විමසා සිටියද ඇය පිළිතුරු දිම ප්‍රතික්ෂේප කරමින් නගර සභා වාහනක් පොලිස් භුමියට කැදවාගෙන ඉන් පිටත්ව ගොස් තිබුණි.


පොත් තොගය අත්අඩංගුවට ගත් මොහොත