මීගමුවේ පොහොට්ටුවේ අධාරකරුවන් රජයේ වාහන වලින් කැන්වසින් ගිහින් මාට්ටු ?

0
179

illegal car 1පළමු සංස්කරණය ( 2.00pm)මීගමුවේ පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසක් පෙරියමුල්ල ප්‍රදේශයේ පසුගිය දිනක කැන්වසින් ගොස් තිබුණි.මේ පිරිසත් සමගින් මේ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය ලාංජනය සහිත මෝටර් රථයක්ද එක්ව තිබිම කාගේත් අවධානයට ලක්ව තිබේ.
වහාම ක්‍රියාත්මක වු ප්‍රදේශයේ ජනතාව මේ ගැන මීගමුව පොලිසියටත් මැතිවරණ නිරක්ෂණ සංවිධාන වලටත් පැමිණිලි කර තිබුණි.
වාර්ථා වන අන්දමට මේ සම්බන්ධ මැතිවරණ කොමිසම වහාම ක්‍රියාත්මක වි ඇති අතර එය අත්අඩංගුවට ගැනිම සදහා පියවරගන්නා ලෙස දන්වා තිබුණ බවද වාර්ථා විය.මෙම මෝටර් රථය බස්නාහිර පළාත් සභාවට අයත් එකක් බවත් නිමල් ලංසා කලින් ඇමතිධුරය දැරු අමාත්‍යංශ කිපයකට අයත් එකක් ලෙසත් දැනගන්නට ඇත.
මේ ගැන මිගමුව පොලිසියේ නිළධාරින්ගෙන් විමසා සිටි අවස්ථාවේදි එය පුද්ගලික  වාහනයක් බව කියා තිබුණද මැතිවරණ නිරික්ෂණ සංවිධාන කියා සිටින්නේ එසේ නම් පුද්ගලික වාහනයකට රාජ්‍ය ලාංඡනයක් ඇලවි තිබුනේ කෙසේද යන්න තවත් බරපතල ගැටළුවක් බව්ත් ඒ ගැනද පොලිසිය ක්‍රියාත්මක විය යුතු බවත් පවසා සිටියේය.