මීගමුවේ පොළවල් යළිත් මිරිස් ඇන්ටනිට ?

0
145

Kamachchi amman koviමීගමුවේ එළවලු පොළවල් වල ටෙන්ඩර් බලය යළිත් මිරිස් අැන්ටනි හෙවත් පොළ ඇන්ටනි වෙත ලබාදිම සදහා මෙහෙයුමක් දියත්ව ඇතැයි සැලය,
මේ සැලැස්මට අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් විසින් මේසේ පොළ ටෙන්ඩරය ලබාගෙන වැඩිමුදලකට මිරිස් ඇන්ටනි හට පොළවල් ලබාදිම මේ සැලැස්මයි.
මීගමුවේ පොළවල් කරා එන වෙළදුන් අන්ත ගසාකෑමකට ලක්කළ මිරිස් ඇන්ටනි යනු එකල ජාතික මාතෘකාවක් බවට පත්ව තිබුුනේ ඔහුගේ මේ කෘරත්වය නිසාමය,
මිරිස් ඇන්ටනි විසින් මහනගර සභාවේ මන්ත්‍රිවරුන් හට විශාල මුදලක් ලබාදෙන්නට ඇති සුදානමක් ගැනද කසුකුසු පවති,
මීට පෙරද මීගමුවේ එක්තරා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු හට මුදල් මෙන්ම එළවළුද නොමිලේම ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලවක් එවකට නගරාධිපතිව සිටි නිමල් ලංසා විසින් සකසා දි තිබුණි,
ඒ මන්ත්‍රිවරයාට නම් මෙවැනි කුණු කප්පම් සිම්පල් කේස් ය.එ නිසාමද දෝ මේ මන්ත්‍රිවරයා විසින් නිමල් ලංසා පැසසිම සදහා මෙවර මහසභාවට විශේෂ යෝජනාවක්ද ගෙන ඒමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here