මීගමුවේ බදුගෙවන ජනයාට එරෙහි වන නගර සභා නිලධාරින් කව්ද.??

0
109

මීගමුව මහනගර සභාව සතු ක්‍රිඩා පිටි 5 න් හොදම ක්‍රිඩාංගනය වු කඩොල් කැලේ සරත්චන්ද්‍ර ගුණරත්න ක්‍රිඩාංගනය කළමණාකරන හා නඩත්තු කටයුතු 2004.01.20 දින මහ සභා තිරණය අනුව ගිවිසුමකට යටත්ව වසර 10 ක් සදහා ජුපිටර්ස් ක්‍රිඩා සමාජය වෙත ලබා දි තිබුණි.

එහෙත් ගිවිසුම් ප්‍රකාරව ජුපිටර්ස් ක්‍රිඩා සමාජය කටයුතු කර නොමැති නිසා එකි ගිවිසුම අහෝසි කර න ඒ ගැන විමර්ශනය කිරිමට පත් කළ විශේෂ කමිටුව2005.10.19 දින පැවැති රැස්විමකදි නිර්දේශ කර ඇත.මෙම නිර්දේශය 2005.11.03 වන දින පැවැති මහ සභාවට නගරාධිපති නිව්ටන්  හෙන්රි මහතා විසින් ඉදිරිපත් කිරිමෙන් පසු ඒකමතිකව සභා සම්මත විය.

එ අනුව 2006.12 15 දින ජුපිටර්ස් ක්‍රිඩා සමාජය හා පැවැති ගිවිසුම අහෝසි කර නැවත මහ නගර  සභාව වෙත සරත්ගුණරත්න ක්‍රිඩාංගනය පවරාගෙන ඇත.

ඉන් අනතුරුව එවකට වැඩ බලන නගරාධිපති ලෙසින් කටයුතු කළ සුනිල් සිල්වා මහතා 2006 .02.22 ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයට ලිපියක් යවමින්  දන්වා ඇත්තේ  සරත්චන්ද්‍ර ගුණරත්න ක්‍රිඩාංගනයේ කළමණාකරන පාපාන්දු සම්මෙලනයට ලබාදිමට ගිවිසුමක් ඇති කර ගන්නා බවය.මේ අනුව ජුපිටර්ස් ක්‍රිඩා සමාජය හා පැවැති ගිවිසුම අහෝසි වි වසර 6 ක ගතව තිබුනද එය මහ නගර සභාවට ලබාගැනිමට අදාල නිළධාරින් කටයුතු කර නොමැත.

එබැවින් 2012.04 17 වන දින රැස්වු ක්‍රිඩා හා තරැණ කටයුතු පිළිබද ස්ථාවර කමිටුව යෝජනා කර  සිටියේ ගිවිසුම අවලංගු වි වසර 6 ඉක්මවා තිබුනද එය මහනගර සභාවට පවරාගැනිමට ආදාල රාජකාරි කටයුතු නොකළ නිලධාරින් ගැන සොයා බැලිමට නගරධිපතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසය.

තතු මෙසේ තිබියදි 2012 .ජුනි 09 වෙනි දින පැවැත්විමට නියමිත සංගිත සංදර්ශනයක් සදහාද මේ ක්‍රිඩා පිටිය ලබා දි ඇත්තේ ජුපිටර්ස් ක්‍රිඩා සමාජය විසිනි.මේ අනුව අපට අසන්නට වන්නේ මීගමුවේ ආදාල නිළධාරින් ඇත්තටම වගකියන්නේ මීගමුවෙ බදු ගෙවන ජනතාවටද නැතිනම් තමන්ට වාසි ලබාදෙන දෙන දේශපාලකයන් පිරිසකටද..????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here