මීගමුවේ බස්කාරයෝ කුලියාපිටියේ බස්රථයකට පහර දීලා?

0
98

Negambo-Bus-Terminal-1අද රාත්‍රි 8.40 ට පමණ කුලියාපිටිය බස්රථයක් කුරණ හංදියේදි ප්‍රහාරයකට ලක්ව ඇත.බස්රථයේ කොන්දොස්තර වරයා සහ රියදුරාට මෙසේ පහර දි ඇත්තේ නිලඇඳුමෙන් සැරසි සිටි පොලිස් නිළධාරියෙකුද බස්රථයේ සිටියදි බවද වාර්ථා වේ.
වාර්ථා වන අන්දමට මේ පහරදිම සිදුකර ඇත්තේ මීගමුව බස්රථ රියදුරන් පිරිසකි.මේ සදහා 20 දෙනෙකු පමණ සහභාගිවි ඇති අතර ඔවුන් පහර දෙමින් පවසා ඇත්තේ කුලියාපිටියේ සිටි  කොළඹ දක්වා යන බස්රථ වලින් මීගමුව සහ අවට ප්‍රදේශවලින්  මගින් නංවා ගැනිම හෙට සිට නතර කළ යුතු බවයි නැතිනම් හෙට සිට කුලියාපිටියේ සහ හලාවත සිට පැමිණෙන සියළු බස් ගිනි තබන බවටද තර්ජනය කර ඇත.
පහර කැමට ලක්වු රියදුරාගේ හිස ඉදිමි තිබුන බවත් කලින් අවස්ථාවක අත කැඩිමකට ලක්ව ඇති නිසා යකඩ පතුරක් ඇතුලත් කර ඇති අයෙකු බවද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here