අද (28) දහවල් 1 පමණ මීගමුව බස් නැවතුම්පලෙහි මීගමුව නුවර බස් රථයෙහි නැග සිටි විදේශිකයෙකු බසයෙන් පහළට බස්සවා පිරිසක් විසින් පහර දී ඔහුගෙ අත තිබූ ගිටාරයද රැගෙන ගොස් තිබේ. සුඛෝපබෝගී මෝටර් රථයකින් කාන්තාවක් හා තවත් පිරිමි 3 දෙනෙකු පැමිණි මෙසේ ඔහුට පහර දී ඇත. මෙසේ පහරදීමට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ විදේශිකයා තමන්ගේ හෝටලයෙන් ආහාර ලබා ගෙන මුදල් නොගෙවා පලා ආ බවයි.නමුත් එයට ප්‍රතිචාර දක්වමින් විදේශිකයා පවසා ඇත්තේ ඒ තමන් නොවන ලෙසයි. කෙසේ හෝ පහර කෑමට ලක් වූ විදේශිකයා බස් නැවතුම් පොළ උඩු මහලේ ඇති ‘උකුස්සා ‘ පොලිස් කාර්යාලට රැගෙන යන ලදි.
