ජනපති අනුර කියා සිටියේ clean Sri Lanka යනු පරිසරය පිරිසිදු කිරිමම නොවන බවත් ඊට වඩා පුළුල් එකක් බවත්ය.
එහෙත් බොහෝ තැන්වල සිදුකෙරෙමින් ඇති අඩුවැඩි වශයෙන් සිදුකරනු ලබන මාධ්‍ය සංදර්ශන වලින් නම් පැහැදිලිව පෙනි යන්නේ පරිසරය පිරිසිදු කියන ගානට clean srilanka වැඩේ කෑපිගෙන ඇති බවය.
මිගමුවට අදාලව ගතහොත් ලංකාවේ දැවැන්තම දුෂිත නගරය වන මිගමුව තුල තවමත් දැනෙන ක්ලින් එකක් නම් සිදුවනැති බව පැහැදිලිය.
ඒ වෙනුවට සිදුව තිබුනේ පරිසර ක්ලින් වැඩේට එහා ගියා ක්ලිනින් වැඩකට අතගසා තිබුන හිටපු කොමසාරිස්වරියවත් මාරු කර යැවිමය.
මේ පසුබිම තුල බිච් පාක් එක හෝ මිගමු වැල්ල තවමත් අතවත් තබා නැති සෙයකි.
අරගල ගැන හෝ කලපුව ගැන මෙලෝ මලබෝලයක් නොදන්නා වැඩ බැරි ටාසන් ලාද මේ අතර වෙති.
ඒ වැනි අයත් සමගින් මීගමුව ක්ලින් කිරිම නම් සිහිනයක්ම පමණි.