මීගමුවේ බිච් පාක් එක ගැන මහඇමතිට උත්තර නැති වුණ රොයිස් විජිතගේ ප්‍රශ්ණය …?

0
75

beach-prk-1රොයිස් විජිත ප්‍රනාන්දු ගරු මන්ත්‍රීතුමා විසින් ගරු ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ප්‍රතිසම්පාදන,ඉංජිනේරු සේවා, නීතිය හා සාමය,පළාත් පාලන හා පළාත් පරිපාලන,ආර්තික ප්‍රවර්ධන,විදුලිබල හා බලශක්ති,පරිසර කටයුතු,ජල සම්පාදන හා ජලාපවාහන සහ සංචාරක කටයුතු පිලිබද ඇමති තුමාගෙන් අසන ලද ප්‍රශ්නය

. බස්නාහිර පළාත් සංචාරක අමාතයංශය සතුව මීගමුව ඒත්තුකාල මුහුදු වෙරළේ පිහිනුම් තටාකයක් ඇති බව ඔබ තුමා පිලිගන්නවාද?

පිළිතුර – ඔව්

. මීගමුව මුහුදු වෙරළේ පිහිනුම් තටාකයක් ඉදි කිරීම සම්බන්දව මීගමුව මහ නගර සභාව ,නාගරික සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඉදිකිරීම් සදහා අවශ්‍ය අවසර දී තිබේද?

පිළිතුර මීගමුව මහ නර සභාවේ සහ මීගමුව ප්‍රාදේහීය මහ ලේඛම් කාර්‍යාලයේ අනුමැතිය හා වෙරළ සංරක්ෂණ දෙපාරතමේන්තුවේ කොන්දේසි සහිත අනුමැතිය වෙරළ උද්‍යානය සංවර්ධණය කිරීම සදහා ලැබී ඇත.

. මෙම පිහිනුම් තටාකය පළාත්බද මාර්ග සංවර්ධණ අධිකාරිය (.)විසින් නිම කර බස්නාහිර පළාත් සංචාරක අමාත්‍යංශයට භාර දී ඇත්තේ කවදාද?

පිළිතුර බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් 2015.03.25 දින බස්නාහිර පළාත් සංචාරක මඛ්ඩලය වෙත භාර දී ඇත.

. එම පිහිනුම් තටාකය ඉදි කිරීමට කොපමණ මුදලක් වැය වී තිබේද?

පිළිතුර සියළු ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 138.2 (වැට් රහිත මුදල) ක මුදලක් වැය වී ඇත.

. එම පිහිනුම් තටාකය දැනට පවත්වාගේන යන්නේ කවුරුන් විසින්ද?

පිළිතුර පිහිනුම් තටාකය මහජනතාව සදහා මෙතෙක් විවෘත කර නොමැති අතර පළාත් සංචාරක මණ්ඩලය භාරයේ පවතී.

. එම පිහිනුම් තටාකය දැනට පවත්වාගේන යන අයට එය ලබාදී ඇත්තේ කයර ටෙන්ඩරයක් මගින්ද?

පිළිතුර අදාළ නොවේ.

. එම ටෙන්ඩරය පිළිබදව ප්‍රසිද්ධ පුවත්පත් වල දැන්වීම් පලකර තිබුණාද? ඒ කවරදාද?කිනම් පුවත්පත් වලද?

පිළිතුර අදාළ නොවේ.

ටෙන්ඩර්කරුවන් කී දෙනෙක් ඉදිරිපත්වී තිබුණාද?

පිළිතුර අදාළ නොවේ.

. එම ටෙන්ඩර්කරුවන් අතරින් තෝරාගන්නා ලද්දේ කවුරුන්වද? කවදාද?

පිළිතුර අදාළ නොවේ.

. බස්නාහිර පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශය සතුව මීගමුව ඒත්තුකාල මුහුදු වෙරළේ පිහිනුම් තටාකය පවත්වාගේන යාම සම්බන්දව කොන්දේසි අඩංගු ගිවිසුමක් තිබේද? කා සමගද?

පිළිතුර අදාළ නොවේ.

. එම ගිවිසුම් කාය හිමි වන්නේ කවදාද?

පිළිතුර අදාළ නොවේ.

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

ගරු මහ ඇමතිතුමනි, ඒ කියන්නේ මිලියන 138ක් වියදම් කරල හදපු මේ පිහිණුම් තටාකය මේ වන විට කිසිම කෙනෙක් පරිහරණය කරන්නේ නැහැයි කියලද මේ සභාවට කියන්නේ.

ගරු ඉසුර දේවප්‍රිය ප්‍රධාන ඇමතිතුමා

ඔව්

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

අවුරුදු 4ක් තිස්සේ ඉදලා

ගරු ඉසුර දේවප්‍රිය ප්‍රධාන ඇමතිතුමා

ගරු සභාපතිතුමනි, මම මේ ස්ථානය පරික්ෂා කලා. ඒක දැන් ප්‍රකෘති තත්වයට පත් කරන්න නම් තවත් මිලියන 5ක් විතර වියදම් කරන්න වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකේ Audit එකේ මොකක් හරි issue එකක් තිබෙනවා. ඒක ඉවර වුණාට පස්සේ අපි අවශ්‍ය කටයුතු කරන්න වැඩ කරන්නම්.

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

මේ වෙද්දී මේක දේශපාලඥයෙකුගේ පියෙක්, මේ බීච් පාක් කියන කොටසේ තමයි ගරු මහ ඇමතිතුමනි තිබෙන්නේ. එයා තමයි ටිකට් කඩලා, මේ පිහිනුම් තටාකය මේ අවුරුදු ගණනාවක් තිස්සේ පරිහරණය කරලා ආදායම ලබා ගන්නේ.

ගරු ශ්‍රීනාත් පෙරේරා

නිමල් ලංසාගේ

ගරු ඉසුර දේවප්‍රිය ප්‍රධාන ඇමතිතුමා

මම ගිය වෙලාවේනම් පිහිනුම් තටාකය පාවිච්චි කරන බවත් පෙණුනේ නැහැ.

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

ගරු මහ ඇමතිතුමනි,ටිකට් කඩා පිහිණුම් තටාකය පාවිච්චි කරනවා. මේක තමයි ඇත්ත.

ගරු ගුණසිරි ජයනාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා

යහපාලනයේ නියෝජ්‍ය ඇමතිතුමෙක්

ගරු ඉසුර දේවප්‍රිය ප්‍රධාන ඇමතිතුමා

මම බලන්නම්

ගරු සභාපතිතුමා

අනවශ්‍ය විවාද වලට යන්න එපා

ගරු මෙරිල් පෙරේරා

දැනට ඉන්නේ යහපාලනයේ නියෝජ්‍ය ඇමති.මීගමුවේ සම සභාපති.

ගරු සරත් පතිරණ

ගරු සභාපතිතුමනි, රොයිස් විජිත ප්‍රනාන්දු ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන ප්‍රශ්ණ දෙකම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා,අවදි කාරක සබාවට යොමු කරන්න පුළුවන් නේද කියලා.

ගරු සභාපතිතුමා

ගැටළුවක් නැහැ. පුළුවන්. යොමු කරන්න. එම කාරක සබාවට ප්‍රශ්න දෙකම යොමු කරන්න. මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කරලා, අවුරුදු 4ක් නිරපරාදේ මහජනතාවට ප්‍රයෝජනයක් නැත්තම් අපි ඒ ගැන කථා කරමු ප්‍රශ්ණ කරමු.

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

ගරු සභාපතිතුමනි,මෙහි අනුමැතිය සභාගත කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මීගමුව මහ නගර සභාවේ අනුමැතියක් මේ පිහිණුම් තටාකයට නැහැනේ?

ගරු සභාපතිතුමා

පුළුවන්

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

එම අනුමැතිය සභාගත කරන්නය කියලා ඉල්ලීමක් කරනවා.

ගරු ඉසුර දේවප්‍රිය ප්‍රධාන ඇමතිතුමා

අවදි කාරක සභාවට ගෙන්න ගන්න පුළුවන්නේ?
(2016 අප්‍රෙල් 05 වනදා පැවැති බස්නාහිර පළාත් සභාවේ රැස්විම් වාර්තාවෙන් උපුටා ගැණුනි.)