මීගමුවේ මත් ජවාරම සහ පොලිසිය..

0
52
සුෙඩාල් කරල් ලක්ෂයක් ඇල්ලු අවස්ථාවක්

මීගමුවේ වැඩිදෙනක් මේ දිනවල කථා බහ කරන්නේ දෙරණ නාලිකාව මගින් මීගමුවේ කුඩු ජාවාරම පිළිබදව ගෙනයන  පුවත් හෙළිදරව්ව පිළිබදවයි.
අප මීට ඉහතදි සදහන් කර පරිදි මේ කුඩු හෙළිදරව්ව මීගමුවේ කුඩුවලට ඇබ්බැහි වු තරුණ ජිවිත පිළිබදව මතුව ඇති අනුකම්පාවක් නිසා කෙරෙන හෙළිදරව්වකට වඩා එහි ගිය දේශපාලනික මෙගා ටෙලියක කථාංග කිපයක් යැයි අප යළිත් අවධාරණය කරමු.
එහෙත් මේ හෙළිදරව්ව ඔස්සේ මතු කෙරෙමින් ඇති කරුණු මීගමුවේ සහ අවට තරුණ ජිවිත අරභයා හෙළිකරමින් ඇති යථාර්ථය පිළිබදව ඒ අයගේ ජිවිත බේරාගැනිම සදහා දේශපාලන න්‍යාය පත්‍ර වලින් එහා යමින් කල්පනා කළ යුතුව තිබේ.
මීගමුව මත්කුඩු ජාවාරමේ මර්මස්ථානයකි.
මේ ජාවාරමේ අයිතිකරුවන්  ඇතැම් දේශපාලකයන් මෙන්ම ඔවුන්ෙග් සමිපතම ගෝලබාලයන් පමණක් නොව අප නොසිතන ඇතැම්  සුචරිතාවදින් පවා මේ රොත්තේ සිටිය හැක.
කෙසේ වෙතත් මේ සකලාකාර මත්ජාවරම් පිළිබදව මීගමුව පොලිසිය වගක් නැතිව සිටිය මොහොත පොලිස්පති තුමන් විසින් මේ සියළු ජාවාරම් මැඩලන්න මීගමුවට ඉහල පොලිස් නිළධාරියෙකු පත්කර එවන ලදි.
වසර ගණනාවක් මීගමුව  හා අවට ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් තිබු මත්ද්‍රව්‍ය ආදේශකයන් වු සුඩොල් වැනි ආදේශකයන් හරහා දහස් ගණන් මුදල් හම්බකරගෙන මේ සමාජයේ තරුණයන්ගේ ජිවිත බිල්ලට ගෙන සිටි ව්‍යාජ වෛද්‍යවරුන්ගේ සිට ගෘහ කර්මාන්තයක් ලෙසින් මේ මත්ද්‍රව්‍ය ආදේශකයන් අලෙවි කරන ලද කාන්තාවන් පවා අත්ඩංගුවට ගෙන ඒවා පාලනය කරන්නට මුල් වුයේ මීගමුවට පැමිණි සහකාර පොලිස් අධිකාරි වරයෙකි.
අනෙක් පොලිස් නිළධාරින් මීගමුව තුල මත්ද්‍රව්‍ය ජාවාරම තම අමතර අදායම් මාර්ගයක් කරගෙන තිබුණි.
මේ සියළු යථාර්ථයන් තුල ක්‍රියාත්මක වු අදාල සහකාර පොලිස් අධිකාරිවරයා සුඩොල් කරල් අලෙවි කරුවන් මෙන්ම වැල්ලවිදියේ සහ කුඩාපාඩුවේ නිති විරෝධි මත්පැන්  අලෙවි කරමින් සිටි පොලිසියේ ඇතැම් ඉහල නිළධාරින්ගේ සුරතලියන් පවා අත්අඩංගුවට ගැනිමට කටයුතු කරතිබුණි.
එහෙත් මේ මෙහෙයුම් නොරිස්සු ඇතමෙක් දැන් මේ සහකාර පොලිස් අධිකාරිවරයාව මීගමුවෙන් පන්නා දැම්ම සදහා කටයුත කරමින් සිටින බව ප්‍රසිද්ධ රහසකි.
මේ මෙහෙයුමේ ඉදිරිෙයන්ම සිටින්නෝ ඇතැම් පොලිස් ලොක්කෝ මෙන්ම පොඩ්ඩෝද වෙයි. එමෙන්ම මීගමුවේ ආණ්ඩු පක්ෂ

සුෙඩාල් කරල් ලක්ෂයක් ඇල්ලු අවස්ථාවක්
සුෙඩාල් කරල් ලක්ෂයක් ඇල්ලු අවස්ථාවක්

ආසන සංවිධාකවරයාද මේ කල්ලියේ තවත් අයෙකු බව වාර්ථා වේ.