මීගමුවේ ”මන්නා පිහි කල්ලිය” යළිත් වැඩට බැහැලා ?

0
114

butcher-knife-gang-tumblr_n0rt4kxALo1rkimf0o1_1280මීගමුව කුල ක්‍රියාත්මක වු දේශපාලන පවුලක පුර්ණ අනග්‍රහය ලැබු මන්නා පිහි කල්ලියක් ගැන පසුගිය කාලය තුල මහත් ප්‍රසිද්ධියකට පත්ව තිබුණි.
යහපාලනය පැමිණිමත් සමගින් යටගොස් තිබුණ මේ කල්ලි යළිත් දැන් වැඩට බැස ඇතැයි පෙනි යන්නෙ පසුගිය සතිකිපය තුල මීගමුව මන්නා පිහි සිදුවිම් කිපයක්ම වාර්තා විමත් සමගින්ය.
මෙහි ආසන්නතම සිදුවිම වාර්ථා වි තිබුනේ පසුගිය සතියේ හෝටල් ව්‍යාපාරිකයෙකු මන්නා පිහියකින් කපා තිබිමත් සමගින්ය.
අක්කර 50 ප්‍රදේශයේදි සිදුව තිබුන මේ ප්‍රහාරය එහි වු CCTV කැමරා පද්ධතියක සටහන්ව තිබුණ අතර ඒ ඔස්සේ පරික්ෂණ මෙහෙයවු පොලිසිය අදාල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
මේය පාලනය කිරිමට පොලිසිය වහා ක්‍රියාත්මක විය යුතුව  තිබේ.
එහෙත් පොලිසියටද කොකා පෙන්වා කටයුතු කිරිමට මේ ඇතැම් පිහිකරුවන්ට තාමත් හයියක් ඇත්තේ කෙසේද ?
ඒ කියන්නේ යහපාලනයටත් අවනත නැති කල්ලි දැන් මිගමුවේ ක්‍රියාත්මක වන්නට පටන් ගෙන ඇති බවද ?
ඡායා- අන්තර් ජාලයෙනි