මීගමුවේ මහජන දේපලවල අයිතිකරුවා දයාන් ලංසාද ?

0
48

මීගමුව තුල ඇති මහජන දේපල දැන් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ පරිහරණය වන්නේ පවුලක දේපලක් යැයි සිතාය.

මිගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් තිබේද ?

නගරයක රජයේ ඉඩම් පරිහරණ පිළිබදව ප්‍රතිපත්තියක් ඇත.ඒ වෙනුවෙන් නිලධාරින්ද වෙනමම පත්කර තිබේ.
ඒ රජයට අයත් ඉඩම් වඩාත් ප්‍රශස්ත ලෙසින් යොදාගැනිම ගැනිම ගැන තින්දු කිරිම සදහාය.
තතු එසේ වුවද මිගමුවේදි ඉඩම් පරිහරණය වන්නේ හිතුමතේය.

සුද්දා නිසා ටයිකෝට් ඇන්දත් සංස්කෘතික ජිවිතයන් නැති දේශපාලකයෝ

සුද්දාෙග් ඇදුමේ කොටසක් වු නිසා ටයි කෝට් ඇන්දද සැබැවින්ම සංස්කෘතික ජිවිතයක් නැති ඇතැම් දේශපාලකයන්ට පෞරාණික වස්තුන් කියා දේවල් නැත. ඇත්තේ අබිලි ද්‍රව්‍ය පමණි. මේ නිසාම මිගමුවේ පැරණි නගර ශාලාව පසුව මිපුර සිනමා හල බවට පත්වු අතර එකි පෞරාණික දැ සංරක්ෂණය කිරිම වෙනුවට නිමල් ලංසා විසින් කළේ සිය පියාට අබිලි ද්‍රව්‍ය සදහා මිපුර සිනමා ශාලව කඩා ඉවත් කරගැනිමට අවසර ලබා දිමය.
එදා එසේ කඩා ඉවත් කරගත් මේ ඉඩම දැන් ඉතාමත් හිතුවක්කාරි ලෙසින් මිගමුව මහනගර සභාවේ ජනතා නියෝජිතයන්ටද නොදන්වා මගඩියක් මගින් කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයක් ඉදිකිරිමට කොන්ක්‍රිට් චමින්ද නම් කොන්ත්‍රාත්කරුවා හට භාර දි තිබේ.

යුනෙසෙෆ් එකත් ඇන්දුවාද ?

වාර්තා වන අන්දමට මෙය යුනෙසෙෆ් ව්‍යාපෘතියකි. යුනෙසෙෆ් වැනි ජාත්‍යන්තර ආයතන පවා අන්දවා තමන්ට ගාන කපාගැනිමට උපන් හපන් කම් ඇති මේ දේශපාලකයන් මෙවර කුට්ටිදුවේ ජනතාවද ගොනාට අන්දවා ඇත්තේ ඇත්ත විස්තරය නොකියා කරවල සමිතියක සභාපතිවරයෙකුගෙන් ලිපියක්ද ලබාගෙනය.

කුට්ටිදූවේ ජනයාගේ විරෝධය

එහෙත් කුට්ටිදුවේ බහුතරයක් ජනයා ඊයේ දිනයේ පැහැදිලි ලෙසම මෙම ව්‍යපෘතියට විරෝධය පළකර තිබුන අතර කොමසාරිස්වරිය හා නගරාධිපති දයාන් ලංසා විසින් බොරු කියා කරවල සමිතියෙන් ගෙන තිබු එකගතාවය ගැනද ඊයේ විරෝධාතාවයට එක්ව සිටි අය විසින් හෙළිකර තිබුණි

පරිසර ප්‍රේමය පිටුපස 40% කොමිස් එක

මිගමුවේ ජනතාව විසින් තෝරාපත්කරගෙන ඇති ජනතා නියෝජිතයන්ටවත් නොදන්වා මේ කඩිමුඩියේ පරිසරය රැකගැනිමට නගරාධිපති දයාන් ලංසාට ඇතිවු පරිසර ප්‍රේමය පිටුපස සැබැවින්ම ඇත්තේ මේ ගොඩනැගිල්ල ඉදිකිරිමට කොන්ක්‍රිට් චමින්ද හට දිමත් සමගින් ලැබෙන 40% කොමිස් මුදල නොවේදැයි තතු දන්නො ප්‍රශ්ණ කර සිටිති