මීගමුවේ මහජන සම්පත් හොර කෑ දේශපාලකයන් සහ නිලධාරින් ට NPP එක අභියෝගයක්ද ?

0
109

මීගමුවේ මහජන සම්පත් එක පවුලක් සහ ඔවුන්ගේ සහචර රාජ්‍ය නිලධාරින් විසින් රිසි සේ දශක ගණනාවක් තිස්සේ භුක්ති වින්දා . දැන් මේ අයත් ටිකක් බයවෙලා කියල තමයි විශ්වාස කටයුතු විදියට දැනගන්න ලැබෙන්නේ .
තවත් දෙයක් හැබැයි මේ සමහර දුෂිත නිළධාරින් මේ වෙන කොට හුලං අත බලල රුවල දාල අපි NPP කියල රගනව වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් බඩුම තමයි . මේ වගේ කපටියන්ගේ පයිල් ඇදල යුක්තිය ඉටුකරන්න මිගමුවේ ජන බල ක්‍රියාකාරින් පසුබට වෙන එකක් නැ කියලයි දැනට හිතෙන්නේ

හැබැයි ඉතින් මිගමුවේ ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරින් මුල් වෙලා වෙලා මේ සම්පත් අවභාවිතය ගැන කල් නෑරම වැඩට බැස්සොත් තමයි එයාලගේ සටන් පාඨ වලට පණ දෙන්න පුලුවන් වෙන්නේ

තව දෙයක් මෙයාල මේ කෙලි ඔක්කෝම කරල ඇත්තේ හරිම ස්මාට් විදියට . රාජ්‍ය සම්පත් අවභාවිතය විතරක් නෙමේ පහුගිය කාලේ කොමිස් කුට්ටි පිටින් ගිලපු අන්ත දුෂිතයන් රැලක්ම ඉන්නව.මේ සමහරක් සජබට පැන්නා

පහුගිය කාලේ මෙයාල හුලං අත බලල රුවල දාගෙන වැඩේ ගොඩ දාගත්තා . හැබැයි දැන් හුලං අත තිබුණත් මෙයාලට රුවල  දාගන්න ඉඩක් දෙන්න මේ නව දේශපාලන සංස්කෘතිය ඇතුලේ බැරිවෙන තැනකට කටයුතු සංවිධානය කරන්න වැඩපිළිවෙලක් ඇති කියලත් අපි විශ්වාස කරනව

ඉතින් මිගමුවේ සංගිත්ලා හෙන්රිල ප්‍රමුඛ NPP ජන බලවේගය කල්නෑරම වැඩට බහියි කියල මේ දවස්වල හුඟ දෙනෙක් බලන් ඉන්නවා