මීගමුවේ මළඅපවහන වැඩසටහන අර්බුදයට…. අසුචි දැන් ජා ඇලට

0
79

suwerageමීපුර වෙබ් අඩවිය විසින් මීට පෙරද හෙළිදරව් කළ පරිද්දෙන් මීගමුවේ මළඅපනහන බැහැර කිරිම වෙනුවෙන් එජාප පාලනය විසින් ඉදිකර තිබු කුරණ පිහිටි පද්ධතිය ක්‍රියාවිරහිතව සෑහෙන කාලයකි.එය නිසි ලෙසින් පිළිසකර කරමින් නගරයේ මළඅපවහන වැඩසටහන අර්බුදයකින් තොරව ක්‍රියාවට නැගිමට කිසිදු විධිමත් සැලැස්මක් ගැන කල්පනා නොකර දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද කසාය බිව් ගොළුවන් ලෙසින් හැසිරෙමින් මුලු නගරයේම මළඅපවහන කුරණට ගෙන ගොස් දියහොද ඇල හරහා මීගමුව කලපුවට  කිසිදු හිරිකිතයකින් තොරව මුදා හරින ලදි.
කෝටි ගණන් කොමිස් ඇතුළු නිස්කාරන වියදම් වසර ගණනක් තිස්සේ ඔහේ වැය වන්නට ඉඩදුන් මීගමුවේ දේශපාලකයන් බලා සිටින්නේ නවලෝක රෝහල විසින් මළඅපවහන පද්ධතිය සකසා නගරයේ අසුචි ප්‍රශ්ණයට විසදුම් සොයා දේවි යැයි කියාය.
තවත් දැන් තවත් භායනකය.දැන් මුළු මිගමුවේම අසුචි මේ දිනවල මුදාහැරෙන්නේ ජාඇලටය. ඒ වෙනුවෙන් දිනකට රු 25000 කට වැඩි මුදලක් ගෙවන්න වන බව නාගරික කොමසාරිවරයාම පවසා සිටියි.
නිවැසියන් මුදල් ගෙවා සති 3 කටත් වැඩි කාලයක් බලා සිටින්නේ සිය නිවසේ වැසිකිලි වල හිස් කරගැනිමටය.
එහෙත් නගර සභාව ඒ සදහා ගලියක් එවන්නේ නැත.
මේ තත්වය තවත් සතියක් පැවතියහොත් නගරයම ගදගහන රෝග පැතිරෙන තත්වයක් ඇතිවිය හැකිව තිබේ