මීගමුවේ මාළු මිල පහලට!ලින්නා රු 200යි!

0
158

IMG-20191005-WA0016IMG-20191005-WA0013අද මීගමුව ලෙල්ලමේ මාළු මිල අඩුවී ඇති අතර විශාල සෙනඟක් මාළු මිලදී ගැනීමට තෙරපෙමින් යන ආකාරය දැකිය හැක . අද මිල අනුව ….
ලින්න – රු. 200
හුරුල්ල -රු.340/ 50
තෝරා – රු.1000
හබරලි – රු. 400
ලේන පරව් – රු. 300
කෙලවල්ල ( පොඩි )- රු. 500
( ලොකු ) -රු. 750යIMG-20191005-WA0011

මේ තත්වය මත අද මාළු කපන , පටවන සහ වෙනත් සේවාවන් සපයන අයට වැඩ වැඩි දවසක්.
මේ පිළිබඳව වෙළඳ මහත්වරු පවසන්නේ වසරේ මේ දිනවල මාළු මිල සාමාන්‍යයෙන් අඩුවන බවයි. ඊට හේතුව වන්නේ දකුණින් සහ මන්නාරම , පේසාලෙයි වැනි පළාත් වලින් පවා ලෙල්ලමට මාළු ගෙන ඒම බවයි.
ඒ වගේම මුහුදෙහි ඇතිවන වෙනස්කම නිසා ධීවරයින්ට මාළු වැඩියෙන් අල්ලා ගැනීමට හැකිවන බවත්, එක පැත්තක වලාල සහ තව පැත්තක වාරකන් නමුත් ඒවෙනස තවම නිසියාකාරව සිදු නොවීම නිසා මෙසේ මාළු වැඩියෙන් අල්ලා ගැනීමට හැකිවන බව ඔවුන් පවසයි .
සෙනඟ වැඩි නිසා ලෙල්ලමේ කෑම කඩවල කෑම පවා ප්‍රමාණවත් නැතිබව සමහර කඩ හිමියෝ පවසති.
මාදැල් මාළුද අද ලෙල්ලමට ගෙනැවිත් ඇත.