මීගමුවේ මැතිවරණ කට්අවුට් වලට නගර සභා අනුමැතිය නැති බව කොමසාරිස්තුමා පිළිගනී.

0
166

පළාත් පාලන ආයතන නීති සහ පරිසර නීති උලල්ංඝනය කරමින් රට පුරා ප්‍රදර්ශනය කරන මැතිවරණය ඉලක්ක කරගත් පෝස්ටර්, බැනර්, කටවුට් ඉවත් නොකිරීමට එරෙහිව පොලීසියට සහ පළාත් පාලන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

පළාත් පාලන ආයතන නීතිරිතිවලට අනුව තම බලප්‍රදේශයෙහි ප්‍රදර්ශනය කරන ඕනෑම ප්‍රචාරක පුවරුවක් වෙනුවෙන් බදු අයකරගෙන අනුක්‍රමික අංකයක් ලබාදිය යුතුය. නමුත් මේ දිනවල ප්‍රදර්ශනය කරන ප්‍රචාරක දැන්වීම්වල එවැනි කිසිදු සඳහනක් නොමැති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
රටේ හැම තැනකම මෙන්ම මීගමුව පුරාද දැවැන්ත කට්අවුට් සවිකර තිබේ
පැපරල් සංවිධානය විසින් කරන මේ අවධාරණය සම්බන්ධයෙන් අප මීගමුව නාගරික කොමසාරිස්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු සදහන් කර සිටියේ ප්‍රචාරක පුවරු සදහා බදු අයකිරිමක් සිදුකරන බවත් මැතිවරණය අරභයා මේ දිනවල ප්‍රදර්ශනය කරනු ලබන කට්අවුට් සමබන්ධයෙන් එවැනි බදුගෙවිමක් තමන් දන්නා තරමින් නම් සිදුකර නොමැති බවය.
ඒ කියන්නේ ඒ සියල්ල නිතිවිරෝධිදැයි අප විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ නගර සභාවෙන් අවසරය මේ කිසිදු බැනරයක් හෝ කට්අටුට් එකක් සදහා ලබාගෙන නැති බවය.MC NGB

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here