මීගමුවේ මැති ඇමැත්තෝ හොරු සමග හෙළුවෙන් ?

0
130

මීගමුව රාජපක්ෂ උද්‍යානය වසා දමා තිබුණේ එය අතුරු බදුගත් පී’ජී’ මාටින් වොන්ඩර් වර්ල්ඩ් ළමා උද්‍යානය තුළ තිබූ ක්‍රීඩා අංග වලට අදාළ බඩු භාන්ඩ ආරක්ෂාකරලීම වෙනුවෙන් මීගමුව මහ නගර සභාවේ ප්‍රතිපාදන මත ආරක්ෂක නිලධාරීන් 08 දෙනෙකුද යොදවා තිබුණි. මේ අතර මීගමුව මහ නගර සභාවට එරෙහිව උද්‍යානය බදුගත් අදාළ ආයතනය අධිකරණයේ නඩුවක් පැවරූ අතර එහිදී ඔවුන් ඉල්ලා සිටියේ උද්‍යානය තුළ ඇති තම භාන්ඩ ආපසු ලබාදීමට මහනගර සභාවේ අවසරය ලබාදෙන ලෙසයි. එහිදී මහ නගර සභාව හා අදාළ බදුගත් ආයතනය  අතර එකඟතාවයක් ඇතිවී  එම බඩු භාන්ඩ නැවත ලබාදීමට තීරණය විය. ඒ අනුව එම ආයතනය විසින් ඔවුන්ට අයත් භාන්ඩ ඉවත් කරගෙන ඇති අතර  රාජපක්ෂ උද්‍යානය තුළ තිබූ තවත් භාන්ඩ 22ක් අස්ථාන ගතවී ඇත ිබවට නාගරික කොමසාරිස්වරිය වෙතද  ලිඛිතව දන්වා තිබේ.
2013/01/15 වන දින  එවන ලද ලිපියකට අනුව එම ආයතනය සතුවූ විනෝද උපකරණ කොටස් තොගයක් අස්ථාන ගත්වී ඇති බව දැනුම් දී තිබේ. මේ පිළිබඳව පී.ජී. මාර්ටින් ආයතනය විසින් මීගමුව පොලීසියේ ඵධෂඊ 371 රැ 8 සහ ඵධෂඊ රැ224රැ593 දරණ අංක යටතේ පැමිණිල්ලක්ද කර ඇත.
මේ අනුව ඔවුන් නාගරික කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටින්නේ මෙම උපකරණ නැතිවීම් සහ හානිවීම්  වලින් සිදුවූ පාඩුව පියවා ගැනීමට  කටයුතු කරන ලෙසය.  මෙහි වටිනාකම ලෙස ඔවුන්  තක්සේරු කර ඇති මුදල රු: 49 68 850කි.
රාජපක්ෂ උද්‍යානය ආරක්ෂාව වෙනුවෙන් එක් ආරක්ෂක නිලධාරියෙකුට දිනකට රු 531.20 බැගින් වැය කරන අතර උද්‍යානයේ ආරක්ෂාවට යොදාවා ඇතැයි කියන  ආරක්ෂක නලධාරීන් 08 දෙනා සදහා   දිනකට රු: 4249.60 ක මුදලක් වැය කර ඇත.  එය මාසිකව රු :130 ,000කි.