2013/01/15 වන දින එවන ලද ලිපියකට අනුව එම ආයතනය සතුවූ විනෝද උපකරණ කොටස් තොගයක් අස්ථාන ගත්වී ඇති බව දැනුම් දී තිබේ. මේ පිළිබඳව පී.ජී. මාර්ටින් ආයතනය විසින් මීගමුව පොලීසියේ ඵධෂඊ 371 රැ 8 සහ ඵධෂඊ රැ224රැ593 දරණ අංක යටතේ පැමිණිල්ලක්ද කර ඇත.
මේ අනුව ඔවුන් නාගරික කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටින්නේ මෙම උපකරණ නැතිවීම් සහ හානිවීම් වලින් සිදුවූ පාඩුව පියවා ගැනීමට කටයුතු කරන ලෙසය. මෙහි වටිනාකම ලෙස ඔවුන් තක්සේරු කර ඇති මුදල රු: 49 68 850කි.
රාජපක්ෂ උද්‍යානය ආරක්ෂාව වෙනුවෙන් එක් ආරක්ෂක නිලධාරියෙකුට දිනකට රු 531.20 බැගින් වැය කරන අතර උද්‍යානයේ ආරක්ෂාවට යොදාවා ඇතැයි කියන ආරක්ෂක නලධාරීන් 08 දෙනා සදහා දිනකට රු: 4249.60 ක මුදලක් වැය කර ඇත. එය මාසිකව රු :130 ,000කි.