මීගමුවේ මුහුදු වෙරළ අයිති ශ්‍රි ලංකා රාජ්‍යයටද? නිමල් ලංසාගේ පවුලටද ? ????

0
51
රු ලක්ෂ 400 ක වියදමින් ඉදිකරන ලද මාළු වෙළඳ පොළ
රු ලක්ෂ 400 ක වියදමින් ඉදිකරන ලද මාළු වෙළඳ පොළ

ජගත් සාගර දිනය නිමිති කොටගෙන සංකේතාත්මකව වෙරළ තිරය පිරිසුද කිරිමේ  වැඩසටහනක් කොළඹ ඇතුලු තවත් පලාත් රැසක ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මුලිකත්වය සිදු කෙරුණි.
ශ්‍රිලංකාවේ වෙරළ අයත්වන්නේ රාජ්‍යයට වුවත් මීගමුවේ බල ප්‍රදේශය තුල වෙරළ අයත්වන්නේ හිටපු පළාත් සංචාරක ඇමති නිමල් ලංසාට සහ ඔහුගේ පවුලේ අයටය.
මේ නිසාම එදා මීගමුව සුන්දර වැල්ල නමින් හැදින්වු කොටුව පිට්ටනිය අසල වෙරළ තීරය ඇමති ලංසාගේ නැදැ හිතවතුන් වු කරවල නිෂ්පාදකයන්ට හට සිය රැකියාව කරගෙන යාමට ලබාදෙමින් එහි සුන්දරත්වය හමාර කොට තිබේ.
එපමණක් නොව රාජ්‍ය මැදිහත්විම මත ලද විදේශ ආධාරවලින් තැනු කෝටි ගණනක් වටිනා මාළු අලෙවි මධ්‍යස්ථානය පළාත් පාලන ආයතනයක පාලනය යටතට නොදි පළමුව පල්ලියටත් දෙවනුව සිය පියාටත් ලබා දි තිබුණි.
මීගමුවේ වෙරළ උද්‍යානය යනු පළාත් පාලන ආයතනයක පරිපාලනයට නතු වුවක් නොව හිටපු බස්නාහිර පලාත් සංචාරක ඇමතිවරයාගේ පියා වු පිලෙන්ද්‍රන් ලංසාගේ තනි බුදලයකි.සුනාමි සමයේ මෙරටට හදුන්වා දුන් සියළු වෙරළ පරිසර නීති බල්ලට දමා  බස්නාහිර පළාත් සභාවේ මුදල් වලින් පිහිණුම් තටාක සංකිර්ණයක් තනා දැන් එහි අයිතියද ඇමති ලංසාගේ තාත්තට භාර දි තිබේ.
ඉතින් මේ මීගමුවේ වෙරළ අයිති ශ්‍රි ලංකා රජයටද නැතිනම් ඇමති ලංසාගේ පවුලටද ?

වැල්ලේ ඉදිකර තිබ් කරවල වාඩි