මීගමුවේ මෙගා ඩෙංගු වැඩසටහන නිමයි !ඇමති ලංසා යළිත් ඕස්ට්‍රේලියාවට !

0
476

image-0-02-03-86be66792d0393314c27c4b41db1f48a3940542ed6cd21cb0047d1d570d5a54a-Vimage-0-02-03-c97d19b9495815eec45adcf0151f1d821dcfa7dc133acf7464b022ac92d99a63-Vමීගමුවේ ඩෙංගු වසංගත තත්වය මැඩිම සදහා ක්‍රියාත්මක වු මෙගා ඩෙංගු වැඩසටහන නිමාවිමට නියමිත බව වාර්ථා වේ.
ඒ බස්නාහිර මහඇමතිවරයාගේ නියෝජිතයෙකු , ලෙස මීගමුවේ ඩෙංගු මර්ධනයට එක්වු ඇමති නිමල් ලංසා සිය පවුලේ සාමාජිකයන් හා එක්විම සදහා යළිත් ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිත බැවිනි.මේ වෙනුවෙන් හෙට විශේෂ රැස්විමක් පැවැත්විමටද නියමිතය.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් කැදවා ඇති මෙම රැස්විමේදි ඩෙංගු මර්ධන වැඩසටහන සෞඛ්‍ය අශයට පැවරිමට නියමිත බවද එහි සදහන්ය.(ඩෙංගු ඇතුලු වසංගත රෝග පිලිබදව කටයුතු වන්නේ පළාත් පාලන ආයතනයක සෞඛ්‍ය අංශය විසිනි.අවාසනාවකට මෙම වැඩපිලිවෙල බරපතල දේශපාලන ව්‍යපෘතියක් බවට පත්ව තිබුනේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වු දයාන් ලංසා යටතේය.)
මහනගර සභාවේ කෝටි ගණනක මුදල් වැය කරමින් ක්‍රියාත්මක වු දුමායන කටයුතු  පැවැතියදි පවා මේ වසරේ වැඩිම ඩෙංගු රෝගින් ගණනක් වාර්ථා වු මාසය බවට පත්ව තිබුණි .ඒ අනුව බලන කළ කෝටි ගණනින් මුදල් වැයකලද ඩෙංගු රෝගින් ගණන අඩුකරගැනිමට මෙම මෙගා ඩෙංගු වැඩසටහනටද නොහැකිව ඇති බවය.