මීගමුවේ මෙවර පොහොට්ටු ඡන්ද වැඩිම ඉන්දිකටද?

0
191

IMG-a5b899909cda7ece0231b248647506cf-Vමිගමුව දේශපාලනයේ තිරාණාත්මක සිදුවිමක් අද සිදුව තිබුණි.ඒ ලංසා පවුලේ නිජබිම වු වැල්ලවීදියේ දමිළ ප්‍රජාව විසින් තෛයිපොංගල් උත්සවය සැමරිම සදහා රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධට ඇරයුම් කර තිබිමය.මේ අවස්තාව සදහා හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.සකාවුල්ලා හට ඇරයුම් කර තිබිමද මෙහිදි සිදුව තිබුන තවත් වි⁣ශේෂත්වයකි .

ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලකයන් අතරේ දැඩි කොන්විමකට ලක්ව ඇති නිමල් ලංසා මීගමුවේ කතෝලික ජනයාගෙන් පමණක් නොව දමිළ මුස්ලිම් ජනයාගෙන්ද පැහැදිලි ලෙසින්ම කොන්වෙමින් තිබේ.එය බරපතල ලෙස එළඹෙන මහමැතිවරණයේදි නිමල් ලංසා හට බලපාන බව නියතය.වාර්තා වන අන්දමට මීගමුවේ පොහොට්ටු ක්‍රියාකාරින් පිරිසක් ඉදිරියේදි ඉන්දික අනුරුද්ධ වෙනුවෙන් ⁣ඡන්ද කටයුතු කිරිමට සුදානමින් සිටින බවද වඩාත් විශ්වාසදායක ලෙසින් දැනගන්නට තිබේ.කෙසේ වෙතත තෛයිපොංගල් උත්සවය සදහා පැවැති කොවිල් චාරිත්‍ර කටයුතු පැවැති ස්ථාන දෙකක් සදහා ප්‍රධාන ආරාධිතයන් වි තිබුනේ ඇමති ඉන්දික සහ සකාවුල්ලාය .