මීගමුවේ මේ නාගරික මන්ත්‍රිලා කාගේද ? ජනතාවගේද ? ලංසා පවුලේද ? අයවැය තීන්දුව අද ?

0
46
gihan and team
වමේ සිට – රවි ජිවාන්නද , සජිත් මොහාන්.ගිහාන් බෙන්ජමින්. පිටුපසින් – නාගරික මන්ත්‍රි ගෝමස්

අද මිගමු දේශපාලනය වැදගත් තිරාණාත්මක දිනයකි. වෙනදා ජවිපෙ පමණක්  අයවැයට විරුද්ධ වු පසුබිමක අද  දැවැන්ත විරෝධතාවයක් විපක්ෂයේ එකාබද්ධතායකින් යුතුව අද ගොඩ නැගි ඇත.
එය මිගමුවේ මහජන දේපල පවුලක බුදලය යැයි සිතා කටයුතු කළ පවුලක දේශපාලන අධිකාරියට එරෙහිව මතුව ආ දැවන්ත ප්‍රගතිශිලි පියවරකි.
එහෙත් මේ ජනතාවාදි ප්‍රවණතාවයට අකුල් හෙලමින් තවදුරටත් මිගමුවේ මහජන දේපල කොල්ල කන පවුලක් රැකගැනිමට අද දිනයේද ජනතා ද්‍රෝහින් ලෙසින් කටයුතු කරාවි යැයි අනෙක් ප්‍රගතිශිලි මන්ත්‍රිවරුන් විසින් නම්කර ඇති පිරිසක් වේ.

මේ පිරිස මේ වන විට ගහට නැග්ග මිනිහ මෙන් තමන්ගේ ජනතා  ද්‍රෝහි කමට තියරි සකස් කර ගෙන ඇති බවද සැලය.
ඇත්තටම මේ දේශපාලන බබාලා ගහට නැග ඇත්තේ රා බොන්නට මිස තණකොල කපන්නට නොවන බව මේ වන විට  වැඩියෙන්ම දන්නේ මේ අයව පත්නර යැවු ඒ ඒ ඡන්ද කොට්ටාශවල එජාප ඡන්ද දායකන්ය.

එබැවින්ම ජනතාවට පස්ස හරවන්නට නියමිතව ඇතියි සිතන මේ අයගේ අනාගත දේශපාලන ගමනද මෙවර අයවැයට අදාල ඔවුන් ගනු ලබන තින්දුව්ත් සමගින් අවසන් විමට නියමිතව ඇතැයි එජාපයේ ප්‍රගතිශිලි මන්ත්‍රිවරු කියා සිටිති
මේ බහුතරයක් චරිත සැබැවින්ම දුෂණ වරදාන පිලිබදව කප් ගැසුවන් වෙතැයිද ඔවුහු අවධාරණය කර සිටිති

nasmiar new

නාගරික මන්ත්‍රි නස්මියාර්

piyumi

නාගරික මන්ත්‍රි පියුම

හිර ගෙදර සිට මහසභාවට
නාගරික මන්ත්‍රි මාක් සුජිත්

මේ  හැම අයෙකු ගැනම අපට  කථාවක් ඇත.ඇතැමුන් ට ඇත්තේ මිනිමරුම් චෝදනාවන්ය.තවත් අයට පාරවල් කාණු  පිලිබදව කොන්ත්‍රාත් තන්හාවන්ය.තවත් අයට හොරෙන් අල්ලා ගත් රජයේ ඉඩම් පිළිබද චෝදනාවන්ය.
තවත් අයට පොත් ටෙන්ඩර් ඇතුළු නගර සභාවේ කැමතිම දේවල් ගැන කතාය.
මේ සියල්ල මේ  සියළු දෙනාම නියෝජනය කරනු ලබන කොට්ටාශ වල ජනයා පවා ඉතා හොදින්ම දනි.