මීගමුවේ යළි ඩෙංගු හිස ඔසවයි ! ඩෙංගු මර්ධන වැඩසටහන් මන්දගාමියි !

0
398

Anti_Dengueමීගමුව තුළ ඩෙංගු  උණ ව්‍යාප්තිය  පිළිබදව  අවධානමක් තිඛෙන බව අද (12) මීගමුව  නගර සභාව විසින් ප්‍රසිද්ධ දැනුම්දීමක් සිදුකරන ලදී.
මේ සම්බන්ධයෙන් මීගමුව  මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයෙන්   කරන   විමසීමක් අනුව   මීගමුව තුළ  මේ වනවිට ඩෙංගු රෝගීන් 58ක් වාර්තා වී ඇති බව සඳහන් කරන ලදී.
මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති කලාප ලෙස ,රුක්මණීදේවී මාවත, අඟුරුකාරමුල්ල පන්සල පාර,පෙරියමුල්ල , කුඩාපාඩුව, මීරිගම පාර,එත්තුකාල,මීරිගම පාර හඳුනාගෙන ඇති බව කාර්යාල තොරතුරු වාර්තා කර සිටියි.

මීගමුව යනු පසුගිය ඩෙංගු පැතිර ගිය කාලය තුල ලංකාවේ වැඩියෙන් කථාබහට ලක්ව තිබුණ ප්‍රධාන නගර  වලින් එකකි.
ඉතා වේගයෙන් වසංගත තත්වයක් කරා වර්ධන වු මිගමුවේ ඩෙංගු ප්‍රශ්ණය මර්ධනය කිරිම සදහා අවැසි ධුමායනය ඇතුළු අනෙකුත් ක්‍රියාකාරකම් නිසි කලට ආරම්භ කිරිමට මීගමුව නගාරික කොමාසරිස් පාලනය අපොහොසත්ව තිබුණි.
නාගරික කොමසාරිස්වරයා ධුමායනය ඇතුළු අත්‍යව්ශ්‍ය කටයුතු සදහා මුදල් යෙදිමට නිසි පියවර නොගැනිම ගැන බරපතල චෝදනාවකට ලක්ව සිටි.
මේනිසා ඇතැමෙකුට සිය ජිවිත වලින්ම මේ තත්වය තුල වන්දි ගෙවිමට සිදුවිය.
දැන් යළිත් මීගමුවේ ඩෙංගු හිස ඔසවමින් ඇති බව මීගමුව රෝහල් ආරාංචි මාර්ග දක්වා සිටි.වැඩිදුරටත් අනාවරණය කිරිම වන්නේ කොමසාරිස් පාලනය විසින් සිදුකරනු ලබන ඩෙංගු මර්ධන වැඩසටහන් ඉතාමත් මන්දිගාමි බවයි.