
අද මීගමුව රෝහලේදි මිය ගිය රැදවියා පසුගිය 15 වෙනිදා බන්ධනාගාරගත කොට තිබුනේ ඇතිව තිබුන ආරවුලක් මුල්කොට ගෙනය.මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුනේ දිවුලපිටිය පොලිසිය විසින් වන අතර උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බන්ධනාගාරගත කර තිබුණි.ඉන්පසු මෙම රැදවියා දරුණු පහරකෑමකට ලක්ව තිබුනේ බන්ධනාගාරය තුලදිය .ඔහුගේ සිරුරේ ඇතැම් ස්ථාන පුලුස්සා තිබුණ බවද ඥාතිහු පවසා සිටිති.මේ පහරදිම බන්ධනාගාර තුල සිදුකර තිබුනේ කව්රුන් විසින්ද යන්න තවමත් අපැහැදිලිය.