මීගමුවේ රෝහලේ ඇදන් නැතිව දුක් විදින රෝගින්ට සහන සලසන්න අකැමති විශේෂඥ වෛද්‍යවරු කව්ද ?

0
392

ward no 3 aමීගමුව රෝහල දැන් දිනෙන් දින අර්බුදයට යමින් තිබේ.ඒ විශාල ඩෙංගු රෝගින් ගණන් සිටින ළමා වාට්ටුව කාන්තා සහ පිරිමි වාට්ටු හේතුකොටගෙනය.
අද දිනයේ එහි නිරික්ෂණ චාරිකාවක නියැලුන අපට දැක ගතහැකිවුයේ  ලමා වාට්ටුවේ ඇතැම් ඇදවල්වල කුඩා දරුන් තිදෙනෙකු පවා සිටින බවය.
මේ පවතින තත්වය දැන් ඇත්තේ එකම කෙටිකාලින විසදුමකි.
එනම් එතරම්  රෝගින් සංඛ්‍යාවක් නැති ඇතැම් වාට්ටු එක්කෝ 2 කක් එක් කර එක් වාට්ටුවක්  සැකසිම තුලින් හිස් වන වාට්ටුව ඩෙංගු රෝගින් සදහා යොදාගෙන යම් හෝ සහනයක් ඩෙංගු රෝගින්ට ලබා දිමය.
එසේත් නැතිනම් ඇතැම් අංශ සිදුව රෝහල වෙත තාවකාලිවක අනුයුක්ත කොට එකි වාට්ටු හිස්කර ඩෙංගු රෝගින් හට ඉඩසලසා දිමය.නිදසුනක් ලෙස මෙසේ ඇස් වාට්ටුව තාවකාලිකව මේ ව්‍යවසනකාරි සමයේදිවත් සිදුව රෝහලට අනුයුක්ත කළ හැකිදැයි සොයා බැලිය යුතුය.
එහෙත් දැනට ඇති එකම විසදුම් ක්‍රියාමාර්ග වන මේවා සදහාද ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් අකමැති බවද දැනගන්නට තිබේ.
ඒ ඔවුන්ගේ පුද්ගලික චැනල් සේවා  නැතිව යැතැයි ඇති බිය නිසාය.
මේ ව්‍යවසනකාරි අවස්ථාවේදි හැකි හැම කැපවිමක්ම කරමින් ඩෙංගු වසංගත තත්වයෙන් පිඩාවිදින රෝගින්ට සහනයක් වන්නට මේ සැමට හැකිවේවායි අපේ එකම ප්‍රාර්ථනයයි.