මීගමුවේ රෝහලේ ඩෙංගු මරණ 3 ක් ! පහසුකම් නෑ ! මීගමුවේ ජනතා නායකයෝ බුදිද ?

0
143

tmp_4776-image-0-02-06-ff9a81bdd8dc234ee70a3102079d0d968d66688d6a8666ad8454c4dd7d34cdf3-V-64485748මීගමුව රෝහලේ තත්වය දිනෙන් දින භායනක අර්බුදයකට ගමන් කරමින් තිබේ.රෝහලේ සිටින ඩෙංගු රෝගින් 100 ඉක්මවා ගොසිනි.
මෑත ඉතිහාසය තුල කිසිදු ඩෙංගු මරණයක් සිදුනොවු මීගමුව රෝහල් මේ මාසයේ ( අප්‍රේල් )පමණක් ඩෙංගු රෝගීන් 3 දෙනෙකු මියගොස් ඇත.
රෝහල මුහුණ දි ඇති කාර්ය මණ්ඩල හිඟ කම ,ඉඩකඩ මදිකම ,අත්‍යවශ්‍ය  රෝග නිශ්චය කිරිමට අවැසි යන්ත්‍ර නැතිකම සහ ඔෘෂධ හිඟකම යන හේතුවෙන් දිනපතා රෝගින් මිය යන තත්වයක් දැන් රෝහල මතුව තිබේ.
තතු එසේව තිබියදි මේ භායනක තත්වයට මුහුණ දිම සදහා මීගමුවේ රෝහල් කාර්ය මණ්ඩයට පමණක් නොහැක.එ සදහා මීගමුවේ ජනතා නායකයන්ගේ සහය බරපතල ලෙස අවැසිව තිබේ.මීගමුව රෝහලේ තත්වය පිලිබදව මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතා මුලිකත්වයෙන් දැනටමත් හමුවක් කැදවි තිබුණ අතර එය වඩාත් පුළුල් කරමින් ප්‍රදේශයේ සියලු ජනතා නායකයන් ,ව්‍යාපාරික ප්‍රජාව සහ හැකි සියලු කොටස් වහා කැදවිය යුතුව තිබේ.
විශේෂයෙන්ම කතෝලික පල්ලියේ පියතුමන්ලා මෙහිලා විශාල වගකිමක් පැවරි තිබේ.
දේශපාලන අධිකාරියටද කිසිසෙත් මේ වගකිමෙන් නිදහස් විය නොහැක්කේමය.tmp_4776-image-0-02-06-7c6b47eeb282e869496df835198d826ddbd42052c6ef808e5881b3d7bd1ef3cf-V1913653805

රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන මෑතක පැවැත්වු සාකච්ජාවකි.
රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන මෑතක පැවැත්වු සාකච්ජාවකි.