මීගමුවේ රෝහලේ x ray යන්ත්‍රය සහ ශීතාගාරය හැදීම ප්‍රමාද වන්නේ ඇයි ?

0
85

(13.20) මේ වනවිට මීගමුව රෝහලේ x ray  යන්ත්‍රය සහ මළ මිනී තැන්පත්කරන ශීතාගාරය  ක්‍රියාවිරහිතව පවතී.  x ray යන්ත්‍රයේ කැඩීම නිසා පුද්ගලික ලැබ් වලින් x ray කිරීමට රෝගීන්ව යොමු කරන අතර මෙයද රජයට මහත් පාඩුවකි. x ray යන්ත්‍රය කැඩී  මේ වන විට මාස කිහිපයකි. වාර්තා වන අන්දමට මේවා මෙතරම් ප්‍රමාද වන්නේ මුදල් නොමැතිකම නිසාය. නමුත් මින් රෝගී ජනයාද මහත් පීඩාවක් විඳීන අතර අපගේ සෞඛ්‍යයට ජාත්‍යන්තර සම්මානද ලැබී තිබෙන තත්ත්වයකදී මිගමුව රෝහලේ මෙවැනි තත්ත්වයක් උදාවී තිබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් වගකිව යුතුය. Goverment-hospital-Negombo