මීගමුවේ ලංසා පවුල් පාලනය අවසන් !

0
175

මිගමුව පවුලේ බුදලයක් සේ  සලකල  දේශපාලනය  කරපු ලංසල දැන් ඉවරෙටම ඉවරයි . කළු සල්ලි බලය පරද්දල ජන බලය ඉස්සරහට ඇවිත්.
ලංසාලගේ කළු සල්ලි පාලනයට එරෙහිව මිපුර අපි කොන්දේසි විරහිතව අරගලයක නිරතව සිටියෙමු.
ඔවුන් සියලු වංචා දුෂණ නොබියව හෙළි කෙරුව
මිගමුවේ බොහෝ දෙනෙකු නිහඩව සිටි සමයක අපි නිරන්තරයෙන් හඩ නැගුව..
ඊයේ උදේ මාධ්‍ය ඡන්දෙ දාන්න ආපු  නිමල් ලංසා කිව්වෙ  ලංකාවෙන්ම මන්ත්‍රිධුර 40 කුත් ගම්පහින් 4 කුත් ලබා ගන්නව කියල
රු කෝටි ගණනක්  වැය කළද ලංසාට මිගමුවෙන් ගත හැකිව තිබුනේ ඡන්ද තුන්දහස් ගණනක් විතරයි

නිමල් ලංසා නගරාධිපතිවරයාව  සිටි සමයේ මිපුර ප්‍රාදේශිය පුවත් පතේ අප ලියු ලිපියක් ගැන ප්‍රතිචාර දක්වමින් අපේ කාර්යාලිය දුරකථනයට කථා කරල කිව්වේ ආයේ  නිමල් ලංසා ගැන අපේ පත්තරේ ලිව්වොත් අපිව මරණ කියල.
අපිව මරන්න කාටවත්  කොන්ත්‍රාත්  දෙන්නේ නැ ඒක කරන්නේ තමන් බවත්  ලංසා අපට තර්ජනය කරමින් කිව්වා

ඒ 2009 දි

අප මරණ තර්ජන හමුවේ පැන යනවා වෙනුවට  රාජපක්ෂ පාලනයට එරෙහිව රටපුරා ශක්තිමත් බහුජන ව්‍යාපාරයක් ගොඩ නැගිමට මුලිකත්වය ලබා දුන්නා
නිදහසේ වේදිකාව ගොඩ නැගුව.

මිගමු මහනගර සභාවේ දුෂිත දිගින් දිගටම හෙළිකරද්දි  උරණ වෙච්ච දයාන් ලංසා  නගර සභාවේ සේවකයෙකු සහ ඔහුගේ සහෝදරයෙකුට  කොන්ත්‍රාත් එකක් දිලා තිබුනේ නගර සභා භුමිය තුලදිම අපට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන්න.

ඒ 2016 ජුනි මාසයේ.

තර්ජනයට මර්ධනයට කොහොටමටවත් බයවෙච්ච නැති අපි  දිගටම මිගමුව වෙනුවෙන් හඩ නැගුව.  සමහර කාල , සිදුවිම් තිබුන අපිත් එක්ක එකට හිටගන්න කව්රුත් නැති වෙච්ච .
(ඇගිලි වලින් ගණන් කරන්න පුළුවන් සහෝදරයන් කිපදෙනෙක හිටිය අත්නොහැරපු )

දශක ගණනාවක් පුරා අපි අරන් ගිය  අපේ මිෂන් එක අද සන්ධිස්ථානයකට ඇවිල්ල .
ලංසා පවුලේ කළු සල්ලි දේශපාලනය හමාරවෙලා.
තාත්තට බුරුව ගහන්න මහජන දේපල දුන්න පුතාලව ජනතාව ඡන්දයෙන් පරද්දල හමාරයි .

දැන් තියෙන්නේ නවත් වගකිමක් ඒ කියන්නේ  මේ සකලාකාර වංචා දුෂණ වලට සම්බන්ධ ලංසාල සහ ඔවුන්ගේ ගෝලබාලයන් නීතිය යුක්තියේ හමුවට ගෙන එන එක,
ඒක තමයි අපේ දෙවනි සටන …

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here