මීගමුවේ ලාදුරු රෝගය පැතිර යාමේ අවධානමක්?

0
911

_105493775_gettyimages-868225874-594x594මීගමුවේ වැල්ලවීදිය ,කුඩාපාඩුව වැනි ප්‍රදේශවල ලාදුරු රෝගය පැතිර පවතින ප්‍රදේශ ලෙස තොරතුරු සඳහන් වේ. නමුත් මීගමුව මහ රෝහලේ මෙම රෝගීන් සංඛ්‍යාත්මකව අඩුවීමක් පෙන්නුම් කෙරේ. රෝහලේ හමේ රෝග අංශයේ පැහැදිළි කිරීමට අනුව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අඩු වන නමුත් ඉහතකී ප්‍රදේශ තුළ මෙම රෝගයේ පැතිරීමේ අඩුවක් නැති බව මේ සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරු පවසති .
අතීතයේ මෙම රෝගය ඇති රෝගීන් ඈත ප්‍රදේශ වලට ගොස් දැමූබවත්, මෙය භයානක රෝගයක් ලෙස පිළිගැනීමක් එම සමාජය තුළ තිබුනු බවත් සඳහන්වේ. නමුත් අද එවැනි භයානක තත්වයක් මෙම රෝගය සම්බන්ධව නැත .
වසර 5 කට පමණ පෙර මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ගත් රෝගීන් සං ඛ්‍යාව 100ක් පමණ වූ නමුත් අදවනවිට එහි අඩුවක් පවතින බව වෛද්‍ය චමින්ද මහතා පවසයි .
සමහරු රෝග ලක්ෂණ ඇති නමුත් ඒ ගැන අවධානය නොදී කටයුතු කිරීම නිසා රෝගී තත්වය උත්සන්න කර ගන්නා බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි .මේ ගැන අදහස් දැක්වූ ධීවරයෙකු වන වයස 48 ක්වූ අශෝක පීරිස් මහතා සඳහන් කළේ තමන් ට්‍රෝලර් බෝට්ටුවේ රස්සාව කල බවත්, එය අත්හැරීමට සිදුවූයේ මෙම රෝගය නිසා බවත්ය. ඒනිසා දැනට ඔහු විසිදැල් රස්සාවට යොමුවූ බවත් සඳහන් කරන අතර නිසි ලෙස ප්‍රතිකාර කිරීමට නොහැකි වූබවත් සඳහන් කරයි.
මීගමුව රෝහලේ චර්ම රෝග විශේෂඤ වෛද්‍ය වරයෙකු සිටින අතර රෝගීන් පරීක්ෂා කර ප්‍රතිකාර ගැනීමේ හැකියාවක් අැත . රෝගියාගේ කෙල වලින් තවත් අයෙකුට බෝවන බැවින් , එම තත්වය ගැනද සැලකිලිමත් වියයුතු බව අවධාරණය කලයුතුය.
මේ අතර පසුගිය වසර තුළදී දිවයින පුරා වාර්තා වූ රෝගීන් අතර 10%ක පමණ ප්‍රතිශතයක් වයස අවුරුදු 15ට අඩු ළමුන් සිටීම පිළිබඳව ලාදුරු මර්දන ව්‍යාපාරයේ බරපතළ අවධානයට ලක් වී තිබේ.
මෙතෙක් හඳුනා නොගත් රෝගීන්ගෙන් ලාදුරු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව එමගින් පිළිබිඹු වනු ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.
ඔවුන් නිකුත් කර ඇති අලුත් ම නිවේදනයට අනුව පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1683කි.
මින් වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල අලුතින් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 41%ක් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 691කි.
දිස්ත්‍රික්ක වශයෙන් වෙන් කිරීමේදී, 2018 වර්ෂයේදී වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ඡායා -gettyimages