මීගමුවේ ලැබ් කාරයෝ රජයේ නීතියට පිටින් යමින් ඩෙංගු පරික්ෂණවල වැඩිගාස්තු අයකරලා !

0
249

boold issueරටතුල පවතින ඩෙංගු වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ඇමතිවරයා විසින් පසුගිය දිනක ලංකාවේ සියළුම වෛද්‍ය
රසායානගාරවලට නියමයක් නිකුත් කරමින් කියා සිටියේ ඩෙංගු ඇන්ටිජන් පරික්ෂණයක් රුපියල් 1000 ක මිළකටත් FBC  (full blood count ) එකක් රුපියල් 250 කටත් සිදුකළ යුතු බවය.
එහෙත් මේ නියෝගයට පිටින් යමින් ඊයේ සිට මීගමුවේ ප්‍රධාන පෙළේ වෛද්‍ය රසායනාගාර කියපයක් වැඩිමිලක් අයකිරිමට පටන් ගෙන ඇති බව වාර්ථා වේ.
මේ ප්‍රශ්ණය පිළිබදව මිපුර වෙබ් අඩවිය විසින් අද මීගමුව රෝහලට පැමිණ සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන්ට මේ ගැන ඊයේ රාත්‍රියේදි ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතාද මේ ගැන පැමිණිලි කර සිටි බවය.එම අවස්ථාවේදිම සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අමතා මේ ගැන කළ විමසුකදි ඇමැතිවරයා දැනුම් දි තිබුනේ රජය විසින් මිළ වැඩිකිරිම පිළිබදව කිසිදු නව දැනුම් දිමක් සිදුකර නැති බවත් එසේ වැඩිමිල අයකරනු ලබන රසයානාගාරවලට එරෙහි නිතිය ක්‍රියාත්මක කරන බවත්ය.
මේ ගැන අප කළ විමසුමකට පිළිතුරු දුන් ආසිරි වෛද්‍ය රසායානාගාරයේ නිළධාරියෙකු කියා සිටියේ ඔවුන් විසින් ඩෙංගු ඇන්ටිජන් පරික්ෂණය සදහා රුපියල් 1980 ක් සහ FBC  (full blood count ) රුපියල් 510ක් බවය.
ඔවුන් කියා සිටියේ ඊයේ දිනයේ සිට යළිත් ඉහත මිළ ගණන් වලට එකි පරික්ෂණ සිදුකරනු ලබන බවය.
මේ අතර ඊයේ දිනයේ ඩර්ඩන්ස් රෝහලට ගිය රෝගියෙකු අපට වාර්ථා කර සිටියේ ඔවුන් විසින් ඩෙංගු ඇන්ටිජන පරික්ෂණය සදහා රුපියල් 1800 ක් ද FBC  (full blood count ) පරික්ෂණයක් සදහා රුපියල් 450ක් ද අයකළ බවය.මේ අතර දැනට යුධ හමුදාව විසින් තම්මිට දෙව්මැදුරේ පවත්වාගෙන යන රුධිර සාම්පල පරික්ෂණ මධ්‍යස්ථනයේ පැය 24 පුරාම නොමිලේ සේනාවක් පවත්වාගෙන යනු ලැබේ .එහෙත් අවාසනාව වන්නේ එය මිගමුව රෝහල තුල ස්ථාපිත කිරිමට වෛද්‍ය රසායනාගාර සේවක වෘත්තීය සමිතිය එරෙහිව තිබිමය.