මීගමුවේ ව්‍යාපාරිකයින්ගේ ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් !

0
78

IMG-20190719-WA0014IMG-20190719-WA0012මීගමුව  නගරසීමාවේ  සිටින  ව්‍යාපාරිකයින්  දැනුවත්  කිරීමේ  වැඩසටහනක්   අදදින  මීගමුව  මූලස්ථාන  පොලීසියේ  දේශනශාලාවේදී   පැවැත්වින.  ප්‍රදේශයේ  ආරක්ෂාව  පදනම්කරගෙන  පැවැත්වූ  මෙම  වැඩසටහන  සංවිධානය  කර තිබුනේ  මීගමුව  පොලීසියේ  ස්ථානාධිපති   ප්‍රෙඩ්රික්  යූ. කේ.  වුඩ්ලර්  මහතා විසිනි. මේ  සඳහා  ප්‍රධාන  අමුත්තා  ලෙස  සහකාර  පොලිස්  අධිකාරී  කොට්ටහච්චි  මහතාද  සහභාගී විය.  ව්‍යාපාරිකයින්  විශාල  පිරිසක්  සහභාගීවූ  මෙම  රැස්වීමේ දී  ප්‍රථමයෙන්   එකිනෙකා  හඳුනාගැනීමක්    සිදුකරන ලදී.

ස්ථානාධිපති තුමා    තම  දේශණයේදී  උදාහරණ  සහිතව  කරුණු  පැහැදිළි  කළ  අතර  පළමුව  ඊයේ  දොම්පෙ  ප්‍රදේශයේ  තිදෙනෙක්  පැමිණ  පහරදී  ලක්ෂ  8ක්  මංකොල්ලකා  පලාගිය  සිදුවීම  උදාහරණයක්  ලෙස  ගන්නා  ලදී.අනතුරුව  යම්  ව්‍යාපාරිකයෙකු  විසින්  කළයුතු   දෑ  සහ  නොකළයුතු  දෑ  ගැන  සාකච්ඡා  කරනලදී.   ව්‍යාපාරික‍ොයකු   දිනය  අවසානයේ  එකතුවන  මුදල්  බැංකුවේ  තැන්පත්  කිරීමේදී  අනුගමනය  කළ  යුතු  දෑ  ,  තම  ආරක්ෂකයින්  සහ  සේවකතයින්  සම්බන්ධයෙන්  අනුගමනය  කළ යුතු දෑ  ආදියත්  පිළිබඳව  වටිනා  කරුණු  රාසියක්  මෙහිදී    මතුකරන  ලදී.

යම්  හොරකමක්  හෝ  මංකොල්ලයක්  සිදුවන  විට  තමන්ගේ  දුර්වලතා  ගැන  ඒ  අයට  ඇති  කපටි  අවබෝධය  ගැනත්,  එහිදී  තමන්  තේරුම්  ගතයුතු  දේවල්  පිළිබඳවත්  පැහැදිළි කිරීමක්  කළ  අතර.  මෙම  ආරක්ෂිත  ක්‍රියාවලියේදී   පොලීසියේ  මැදිහත්වීම  පිළිබඳවත්  ,  පොලීසියේ   ඊගල්  මුර  සංචාරක  අංශයේ  දායකත්වය  ලබාදීම  ගැනත්  දැනුවත්  කරන ලදී.  සහකාර  පොලිස්  අධිකාරි  තුමා ද  මෙවැනිම  උපදස්   සහ  අවවාද  රාශියක්  දෙමින්  අදහස්  දක්වන  ලදී.  නගරයේ  ආරක්ෂාව  වෙනුවෙන්  මීගමුව  පොලීසිය  ක්‍රියාත්මක  කරන    මෙම  කටයුත්ත  අගයකළ  යුත්තකි.IMG-20190719-WA0009