මීගමුවේ වැඩබලන විපක්ෂ නායක මීපුරට නඩු දමන බවට තර්ජනය කරලා.

0
95

drug-dealing-web-sizedමීගමුව මහනගර සභාවේ මුදල් වලින් පුත්තලමේ  සන්ධාන අපේක්ෂයෙකු ලබාදුන් මැතිවරණ ප්‍රදාන ගෙන යාම සදහා පැමිණ තිබිම ගැන පුවතක් පසුගිය දිනක අපගේ වෙබ් අඩවිය මගින් හෙළිකළෙමු.
මීගමුව මහජනයාෙග් බුදු මුදල් මෙසේ වෙනත් පළාතක මැතිවරණ අපේක්ෂකයෙකුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලබාදිම අපරාධයක් වුවද ඒ අවස්ථාවේදි විපක්ෂ නායකවරයාද නගර සභාවේ සිට ඇති බවද අප හෙළිකළෙමු.
මේ පිළිබදව අප කළ හෙලදරව්වෙන් කිපුණ වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි අද උදේවරුවේ අප අමතා පවසා සිටියේ තමන් ගේ නම කැත කිරිමට මීපුර ගන්නා උත්සාහයට එරෙහිව ජනාධිපති නිතිඥ අර්ල් මහතා මගින් එන්තරවාසියක් එවන බවය.
වීශේෂයෙන්ම මීගමුවේ දහස් ගණනක් වන අපගේ පාඨකයන්ගේ දැනගැනිම සදහා පවසන්නට ඇත්තේ කරුණු දෙකකි.

1.වැඩබලන විපක්ෂ නායක මීගමුව නගර සභාවේ සිදුව චංචා දූෂණ පිළිබදව ජනතාව දැනුවත් කිරිම සදහා අප අමතා කිසිදු දුරකථන ඇමතුම් ලබානොදෙන අතර ඔහු අප අමතා ඇත්තේම අප විසින් ඔහුගේ ආණ්ඩුපාක්ෂික භාවය ගැන සහ ඇමති නිමල් ලංසාගේන් වරදාන ලබාගැනිම් ගැන හෙළිකරන ලද අවස්ථාවන් වලදි පමණි.
අනික් කරුණ ලෙසින් අපට ඇත්තේ කැලිසන් ජයකොඩි වෙත අභියෝගයකි.

2.වැඩබලන විපක්ෂ නායක ුතුමෙනි මීගමුව මහජනයා බදු මුදල් වංචා සහගත ලෙසින් යොදාගනිමින් මීගමුවේ අාණ්ඩුපක්ෂය විසින් ගෙවුන වසර 2 ක කාලය සදහා ඔහු  ඒවාට එරෙහිව කටයුතු කළ එකම එක්  අවස්ථාවක් හෝ අපට පෙන්වා දෙන  ලෙසය.
එපමණක්ද නොව මීගමු මහ නගර සභාවේ මුල් වසරේ මුදල් කාරක සභාව නියෝජනය කළ ආණ්ඩුවේ අයට විශ්වාසම විපක්ෂ මන්ත්‍රිවරයා වු කැලසින් මහතා වසරක මුදල් කාරක සභා ඉතිහාසය තුල ආණ්ඩුව කරන ලද චංචා හා දුෂණ ගැන මුදල් කාරක සභාව තුල කටක් ඇරිය අවස්ථාවක් අපට කරුණු සහිතව ඔප්පු කර පෙන්වා දෙන ලෙසය.