මීගමුවේ වැඩිම මනාපය රොයිස්ට. ලංසා පල්ලම් බසි..???

0
30

මීගමුවේ මැතිවරණ ප්‍රතිඵලය ගැන විවිධ කථා බහ දැනටමත් මතුව තිබේ.
වැය කළ විශාල ධනස්කන්දයට සාපේක්ෂකව මෙන්ම හිටපු  ඇමති නිමල් ලංසා විසින් ප්‍රසිද්ධියේ කියා සිටි ගණන් වල බරපතල අඩුවිමක් සිදුව ඇති බව ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකු මීපුරට පැවැසිය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි වැඩි ඡන්ද 12000 ක් පමණ ලබා  සිටියද මෙවර ඒ වෙනස 5000 ක් පමණ  ලෙසින් සලකුණු වි තිබේ.
එමෙන්ම මීගමුවේ පැවැති ප්‍රසිද්ධ රැස්විමකදි හිටපු ඇමති නිමල් ලංසා පවසා තිබුනේ මනාප 30000ක් ඉක්මවා තමන් ලබාගන්නා බවයි.එහෙත් දැනට ලැබෙන වාර්ථා වලට අනුව මීගමුවේ නිමල් ලංසා වෙත ලැබි ඇත්තේ මනාප 24000 කටත් වඩා අඩු ප්‍රමාණයකි.මේ අතර මීගමුවේ ආසනයේ එජාප ඡන්ද වලින් 90% කට වඩා මනාප ලබන්නටත් අනෙකුත්  ආසන වලින් ද සැලකිය යුතු මනාප ප්‍රමාණයක් ලබාගන්නටත් දැනට රැදවුම් නියෝග මත තබා ඇති මීගමුව ආසන සංවිධායක රොයිස් විජිත මහතා සමත්ව සිටින බව දැනට ලැබෙන ආරංචි මාර්ග විසින් සනාථ කරමින් තිබේ.
රු ලක්ෂ 1000 වැය කරන්නට සුදානමින්  මැතිවරණ සටනට පිවිස හිටපු ඇමති නිමල් ලංසාගේ සිහිනය වි තිබුනේ හිටපු මහඇමති ප්‍රසන්න රණතුංගට වඩා වැඩියෙන් මනාප ගන්නටය.
දැන් පවතින තත්වය වි ඇත්තේ පසුගිය වර ගත් මානප ප්‍රමාණය කරාවත් යා හැකිදෝයි යන පැනයයි.roies-1