මීගමුවේ විධායක අධ්‍යක්ෂකවරයෙකු සිරගට් ජාවාරමකට අත්අඩංගුවට ?

0
81

cigeret issue 2නිති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 34 පමණ වටිනා විදේශ දූම්වැටි තොගයක් සමග පුදගලයෙකු මිගමුව කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය සහ කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය ඒකකය විසින් ඉකුත් 3 දා අත් අඩංගුවට ගෙන ඇත
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව පෙරියමුල්ල අංක 29 පාතිමා පාරේ පදිංචි එස් එම් නසාම් 45 විවාහක පුද්ගලයෙකුය.
වැලිසර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇගළුම් කම්හලක විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර මොහු ඉංදියාවට ගොස් එන අතර තීරුබදූ රහිත සාප්පු සංකීර්ණ වලින් දූම්වැටි කාටුන් ගනන් මෙරටට පැමිණිමේදි  රැගෙන විත් ඇති බව පරික්ෂණ වලදි හෙලිවි ඇත
දීර්ඝ කාලයක් මෙම දූම්වැටි ජාවාරම ඉතා රහසිගතව සැක කරු විසින් කරගෙන ගොස් ඇති අතර උපාය දූතයකු යොදවා විදේශ දූම්වැටි ගන්නා යන අයුරින් එම ස්ථානයට ගොස් සැක කරුගේ ගබඩා කාමරයක තිබි මෙම දූම් වැටි තොගය සොයා ගැනීමට හැකි වු බව කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය පැවසීය
මිගමුව අවට රාත්‍රි ආපන ශාලාවලට ඉතා අඩු මුදලට මෙම දූම්වැටි තොග වශයෙන් අලවි කර ඇති බව පර්යේෂණ වලදී අනාවර්ණය වි ඇත
මිගමුව කොට්ඨාශ භාර ජෙෂ්ඨ පොලි්ස් අධිකාරි අනුර අබේවික්‍රම මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 1 ලලිත් රෝහණ ගමගේ මහතාගේ අධික්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් තිලක වැලිවිට මහතාගේ මෙහෙය විමෙන් උ පො ප ඡාමර ප්‍රදීප් උ පො ප ආනන්ද හේරත් පෙ ාසැ 32995 විජේරත්න 607007ඡණ්තන 61094 අෙබිරත්න 8268 සම්පත් 82660 කුමාර පො කො රි 25964 උදයංග යන නිළධාරින් පිරිසක් මෙම වැටලීම මෙහෙයවා ඇත
මිගමුව පියපේම මානික්ක රත්න