මීගමුවේ වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථාන වල ප්‍රමිතිය.?

0
148

රුධිරය,මල හා මුත්‍රා පරික්ෂා කරන ස්ථාන දැන් අඩියෙන් අඩියට බිහිවෙමින් පවතියි. නමුත් මේ ස්ථාන වල ප්‍රමිතිය පිලිබදව විවිධාකාරයේ ප්‍රශ්ණ මතුවෙමින් පවතියි.
මේ ලිපිය ලියන්නට මූලිකව හේතු වුයේ පසුගිය දිනක මෙලෙස හතුපිපෙන්නාක් මෙන් බිහිවූ තවත් එක් පරීක්ෂණ මධ්‍යස්ථානයකින් පරීක්ෂාවක් කරගත් කෙනෙකු අපට පැවසූ අදහස්ය.

දිවයිෙන් ප්‍රසිද්ධ රුධිරය,මල හා මුත්‍රා පරික්ෂා කරන මධ්‍යස්ථානයක එකතුකිරීමේ  මධ්‍යස්ථානයක් බවට පුවරු ගසාගත්  ස්ථානයකට රුධිරය හා මුත්‍රා පරික්ෂාවකට ලබා දී ඇති මෙම පුද්ගලයාට එදින හවසම එම පරික්ෂාවල ප්‍රථිළුල ලැබී ඇත.
නමුත් එලෙස එම ප්‍රථිළුල පත්‍රිකා වල අදාල දිවයිනේම ප්‍රසිද්ධ පරීක්ෂණ මධ්‍යස්ථානයේ සංඛේතයක් හෝ නිල මුද්‍රාවක්  හෝ තිබී නැත. එහි තිබී ඇත්තේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණශිල්පියෙකුගේ නම හා නිල මුද්‍රාවත් ඔහුගේ අත්සනත් පමණි.

ඒ ගැන අදාල පුද්ගලයාට තිබුණු සැකයත් සමගම ඔහු එම පරීක්ෂණ වාර්ථා වෛද්‍යවරයා වෙත ගෙනගොස් ඇත. එම පරීක්ෂණ වාර්ථා දුටු පමණින්ම අදාල වෛද්‍යවරයා පවසා ඇත්තේ එම පරීක්ෂණ නැවතත් පිලිගත් පරික්ෂා මධ්‍යස්ථානයකින් කරගෙන පැමිණෙන ලෙසටයි. එමනිසා ලබාගත් නව පරීක්ෂණ වාර්ථා සමග පැරණි වාර්ථා සංසංදනය කරන විට එහි විශාල පරස්පරතා දක්නට ලැබී ඇත. කලින් ලැබුණු වාර්ථාවේ සාමාන්‍ය වාර්ථාවක් ලෙස ලැබුණු මුත්‍රා වාර්ථාව දෙවන වර පරික්ෂා කරන විට ලැබුණේ අසාමාන්‍යතා සහිත වාර්ථාවක් ලෙසින්ය.

එමනිසා මෙලෙස හතුපිපෙන්නාක් මෙන් ඇතිවන පිළිගත් පරීක්ෂණ මධ්‍යස්ථාන වල එකතුකරමේ මධ්‍යස්ථාන යැයි පවසමින් පවත්වාගෙන යන මෙම ව්‍යාජ ආයතන කෙරෙහි දැනුවත් වී සිටීම අතිශයින්ම වැදගත් වන්නේය. එමනිසා කිසියම් පරීක්ෂණයක් සිදුකරගැනීමට අවශ්‍යනම් මෙවැනි මධ්‍යස්ථාන වලට ලබා නොදී පිළිගත මධ්‍යස්ථාන වෙත ලබා දී තමාට ලැබෙන පරීක්ෂණ වාර්ථාවේ සදහන් දේ පිළිබදව සැකයක් තබා නොගන්නා ලෙස අපි ඔබට දැනුම් දෙමු.
මිතිලායා ගමගේ