මීගමුවේ ශ්‍රිලනිප දෙවන පෙළ නායකයා ලංසාද?ජයවීරද?

0
52

මීගමුව ශ්‍රිලනිප දෙවන පෙළ නායකත්වය ලෙසින් වත්මන් නගරාධිපති ඇන්ටනි ජයවීරව සුදානම් කිරිමේ සැලැස්මක් ඇති බවට රාවයක් මේ දිනවල මීගමුවේ ආණ්ඩු පාක්ෂිකයන් අතර කථා බහට ලක්වෙමින් ඇතැයි වාර්ථා වේ.
මේ පිළිබදව සාධාරණ සැකයක් ඊයේ පැවැති ශ්‍රිලනිප කාර්යාලය විවෘත කිරිමේ උත්සවයේදි කැපිපෙණුන බව නම සදහන් කිරිමට අකමැති ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරයෙකු මීපුරට පවසා සිටියේය.
ඇමති සරත් ගුණරත්න හා නගරාධිපති ඇන්ටනි ජයවීර එක්ව කටයුතු කිරිමත් මේ සන්ධානයට සිය විරුද්ධත්වය එළිපිට අවස්ථා ගණනාවකදිම ඇමති නිමල් ලංසා විසින් ප්‍රදර්ශනය කර තිබිමත් කැපිපෙනේ.