මීගමුවේ සන්ධාන පාලකයන්ට කටඋත්තර නැතිවුණ රොයිස්ගේ ප්‍රශ්ණ 10 ?

0
161

roies-v-300x300මීගමුවට ඇත්තට අාදරේ තියෙන හැම විසින්ම කියවිය යුතු මේ කථාව ගැන දැනුවත් විමෙන් පසු ඔබ බොහෝ දෙනෙකු කියනු ඇත්තේ අම්මෝ මේ සා දුෂිත නගරයක අප කුමකට නම් ජිවත් විය යුත්තේද යන්නයි.
2013 ඔක් 08 වනදා පැවති මහසභාවේදි මීගමුව මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මන්ත්‍රිතුමා ගෙවන වසර 2 කක කාලය තුල මහජන දේපොල ඉතාමත් අයථා ලෙසින් පාලනය කරන ලද මහජන දේපොල 10 ක් ගැන විස්තරාත්මක කරුණු දැක්විමක නිරතව සිටියේය.
එහෙත් මීගමුව නගරය කොයිතරම් භායනක තත්වයක් කරා ගමන් කරන්නේදැයි ඇත්තටම තේරුම් ගැනිමට නම් 2013 ඔක් 08 වෙනිදා මීගමුව මහනගර සභාව තුලදි සිදුවු දෙය ගැන ඉතා හොදින් තේුරුම්ගත යුතුව ඇත.
පහත පළවෙන්නේ මීගමුවේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් මතුකරන ලද කරුණුවල සාරංශමය සටහනකි.

මීගමුව මහ නගර සභාව සතු දේපල අයිති කාටද අපිට නම් අයිති නෑ. ඔබ කවුරුත් දන්නවා ඇති නාගරික මන්ත්‍රීවරු වන අපි තාවකාලික බාරකාරයෝ පමණක් බව. යම් ඉඩමක මුරකාරයා හොරකමක් වංචාවක් කලොත් සේවයෙන් පහ කරන්නේ සුපිරින්ටෙන්ඩන්ට් වුනත් ඒ මුරකාරයට දඬුවම් කරන්නේ කවුද මුරකාරයව නීතිය ඉදිරියට ගෙන්නේ අයිතිකාරය. දඬුවම් දෙන්නේ අධිකරණය අපිටත් කවදහරි එවන් තත්වයකට මුහුණ දෙන්න වෙන්නේ මෙතනින් එළියට ගියාහ වෙන්න පුළුවන්. ඒ බව මතක් කරන ගමන් මෙම දේපල අයිති වරිපනම් ගෙවන ජනතාවට. ඒ බව දන්වන්නයි මෙම යෝජනාව ගෙනාවේ.

1. කඩොල්කැලේ පාපන්දු ක්‍රීඩාපිටිය.

ජුපිටර්ස් ක්‍රිඩා සමාජයට මෙය බදු දි ඇත්තේ 2002 වසරේදිය. එ් අනුව ඔවුන් විසින් මෙයට සංවර්ධනය කළ යුතුව තිබුනද එය එසේ වුයේ නැත.අඩුම තරමින් මේ ගිවිසුමට නාගරික කොමසාරිස් අත්සනවත් තබා නැත.
ගිවිසුම් පුකාරව අහෝසි වන්නේ 2012දී. ඒ අනුව දැන් එය සභාව සතු දේපලකි.
එසේ නම් දැන් කානිවල් සංගීත සංදර්ශණ වලට අවසර දිය යුත්තෙ කව්ද ?නගර සභාවද නැතිනම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්ද ?

2. කඩොල්කැලේ ටෙනිස් ක්‍රීඩාපිටිය.

නගරසභා සංවර්ධන ගිණුමෙන් එක්කෝටි හතලිස් ලක්ෂයක් වැය කර ඉිදිකලද ගිවිසුමක් අත්සන් කර නැත.එහි වතුර බිල ලයිට් බිල කොමසාරිස් නමට නැත. විවිධ ක්‍රියාකාරම් වෙනුවෙන් මුදල් අයකරන්නේ වෙනමම පිරිසකි.

3. කඩොල්කැලේ ඉන්ඩෝ ස්ටේඩියම් ( ගෘහස්ත ක්‍රීඩාපිට

මෙයටද ගිවිසුමක් නැත. පාලනය කරනු ලබන්නේ ආණ්ඩුවට හිතවත් කම් ඇති කණ්ඩායමක් විසිනි.
නගරාධිපති තුමා පත්වූවාට පසු අඩුම තරමින් එකවතාවත්වත්  මෙම ස්ථානය නිරීක්ෂණය කර තිබෙනවාද ?

4. බස්නැවතුම් පොළ

මේ සභාව තීන්දුවක් අරගෙන තිබෙනවා වගකිව යුතු නිළධාරීන් යටතේ මෙම ස්ථානය පාලනය කිරීමට එහෙත් වැඩපිළිවලෙක් නැත.
අදටත් එය පාලනය කරන්නේ කොන්ත්‍රාත් පදනම මත  බදවාත් අනියම් කම්කරුවන් පිරිසක් විසිනි.
ඔවුන්ට වගකිමක් නැති විවිධ දුරාචාර ක්‍රියා එහි ක්‍රියාත්මකය වසා ඇති කඩකාමර මේ අපචාර කටයුතු සදහා යොදවාගන්නා බවටද වාර්තා වේ.

5. ග්‍රීන්පාර්ක්

මෙය  නගරය මැද පිහිටි අධි වාණිජ වටිනාකමක් ඇති භුමියකි.ගිවිසුම් නැතුව කඩ හදාගැනිමට ඉඩ වෙන් කරල දීල. වෙළදුන් තෝරාගත් ක්‍රමවේදයක් නැත. නගරසභාව විසින් විදුලියද සපාය ඇත.

6. මීපුර මාළු වෙළද පොල

මේ ස්ථානය හුවා දක්වන්නේ පල්ලියෙන් කරන ලෙල්ලමක් විදියට. “ට්‍රිප්” නැමති ව්‍යාපෘතියක් වශයෙන් ජපන් ආධාර මුදලින් මෙය ඉදිකලා. පිරිසිදු කිරීම් කරන්නේ අපේ කම්කරුවන් ලවා දිනපතා අපේ මුදලින්. මාළු ලෑලි බදුදුන් තැන්පතු මුදල් කෝ ? (ලක්ෂ 5/ ලක්ෂ 7/ ලක්ෂ 10 ලැබී ඇති තොරතුරු අනුව)  බදු ද්ුන් ක්‍රමය/ ටෙන්ඩර් කලේ කවුද/ ලබාගත් මුළු මුදල කෙපමණද? මේවා කලේ එය ඉදිකල නගර සභාව දැනුවත්වද? නැතිනමු පිටස්තර එක් පුද්ගලයෙක්ද? මේ වෙළදුන් තෝරා ගත්තේ කවුද? තෝරා ගත් ක්‍රමය කුමක්?

ඇති ඊට අමතරව පාරිභෝගික වාහන වලින් මුදල් අය කරනවා. එවැනි පොලක් පවත්වාගෙන යාමේ හා වාහන වලින් නැවතුම් ගාස්තු අය කිරීමේ බලය ඇත්තේ පලාත් පාලන රෙගුලාසි යටතේ මහ නගර සභාවටයි. මෙම දිනපතා පොළ පවත්වන්නේ කවුද? ටෙන්ඩර් කලේ කවුද ? වටිනාකම කීයද ? එලවළු/ පොල්/ දෙල්/ කැපූ මැල්ලුම් විකුණනවා. බිම දාල විකුණන්නේ සෞඛ්‍ය ආරක්ෂිද ? බිම් කුලී අය කරන්න ඩී/ඕ කෙනෙක් යන්නේ නෑ (හෙටත් නිහඩද ?)

අපගේ සභාව සතු මීපුර ශාලාව තිබුණ වත්ත උතුර වැට මායිමේ සිට ඉඩම ඇතුලට අඩි 8ත් 10ත් අතර ඉඩම ඇතුලට විහිදී යන අයුරින් කඩ පෙලක් ඉදිකරන්න අපි අවසර දුන්නද ? එසේ නැතිනමු එම භූමිය (ලක්ෂ 5/ ලක්ෂ 7/ ලක්ෂ 10 ලැබී ඇති තොරතුරු අනුව) බෙදා දී සල්ලි ගත්තේ කවුද ? මේ සභාවද? නැතිනම්???

7. රේල්වේ රෙසවේශන්

බදු ගත්තේ මාස 6කට/ දුම්රිය දෙපාරතමේතුවෙන්. බදු ගත්ත කාරණය වුනේ පාරම්පරික පදික වෙළදුන් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝග මත ඉවත් කිරීමට සිදුවූ බැවින් එම වෙලදුන් ගැන සානුකම්පිතව සිතා දුම්රිය දෙපාරතමෙන්තුවෙන් 6 මසකට  තාවකාලිකව බදුගෙන එම වෙළදුන් සැනසූවත් නැවත දික් කිරීම කලේ නැත. එහි තාවකාලික ගොඩනැගිලි වලට විදුලිය/ වතුර ලබා ගන්නට වරිපනම් සහතික දී කඩ කාමර 48ක් ඉදිකර ස්ථාන ගත කලේක වෙලදුන් කී දෙනෙකුටද ?  (අනවශ්‍ය ප්‍රශ්ණයක පැටලී ඇත්තෝ කති බොති නැත්තෝ ලෙව කති.)

8. ඒත්තුකාල වෙරළ උද්‍යානය ( බීච් පාර්ක්)

යූ.ඩී.ඒ ව්‍යාපෘතිවක් යටතේ රථ/ාල හා විසිකිලි පද්ධතිය සාදා නිමකළා. එම ඉදිකිරිම් මාස 4ක් පාලනය කරලා එම ලැබුන ආදායමේ සාමාන්‍ය අගය ගණනය කර අවුරුද්දට ලක්ෂ  ක් ලෙස වටිනාකම තක්සේරු කරගෙන බුද්ධික කියන කෙනාට 2002දී බදු දුන්නා.

එදි සිට අද දක්වා වසර 12ක් කිසිදු ප්‍රසිද්ධ ටෙන්ඩරයකට නොගොස් තවමත් බුද්ධිකමයි පරිහරණය කරන්නේ.

රථ ගාලටයි/ වැසිකිලි පද්ධතියටයි එහා (නාගරික සංවර්ධන අධිකාරිය හැදූ) “ද බෝට්” හා රෙස්ටුරන්ට් ගොඩනැගිලි බාර් එක (පලාත් සභාව හැදූ) සුවිමින් පූල් එක අරක්කු ලයිසන් නැතත් බඩු ඇත. එහෙත් ඒවායේ ආදායමක් මේ සභාවට නැත.
නාමිකම හෝ බුද්ධිකට බදු දී තියෙන්නේ නගර සභාවෙන්.. වැසිකිලි පද්ධතියට සපයා ඇති විදුලි සැපයුමෙන් තමයි මුළු බීච් පාර්ක් එකම ආලෝකමත් වෙන්නේ ඒ විදුලියෙන් තමයි සංගීත සංදර්ශණ/ කානිවෙල් /ඩී.ජේ/ වෙනත් සැනකෙලි පවත්වන්නේ

මෙකී විදුලිය පරිහරණය සදහා වන විදුලි බිල ගෙවන්නේ අපේ නගර සභාවෙන්. ටෙන්ඩර්කරැවෙකු වෙනුවෙන් බිල ගෙවලා අහේ නගර සභාව ලෝක වාර්ථාවක් තබා හමාරයි.

අයිස්ක්‍රීම් කඩ/ කඩලකඩ / විවිධ වර්ග වල කෑම කඩ/ පොනියො සවාරි/ වලින් එන ආදායම ? අයි.ටී.න් /රූපවාහිනී/ වැනි පිලිගත් නාලිකා පවත්වන උත්සව වලදී පොලිස් අවසර ගන්නේ / බීච් පාර්ක් බාර නිළදාරියාගේ ලිපිය මතය. (නගර සභාවේ ලිපි නැත.) එම ස්ථානයේ ගැටුම් පාලකයන් සමගනම් පොලීසියෙන් පට් ගාලා එනවා. රසට මැරිලා වැටෙනවා/ ගිලිලා මැරෙනවා වගකිව යුත්තෝ නැත. පට්ගාලා එන අය නැත.

9. කාමච්චෝඩේ පොළ

ඉපැරණි විස්ත්‍රින් පාර වසා පාර මැද්දේ සුවිසල් ගොඩනැගිල්ලක් හදද්දි පාලකයෝ නිදාගත් ලෝකයේ එකම නගරය. නාගරික සංවර්ධන අධිකාරිය නියම කර ඇති රෙගුලාසි සියල්ල තුට්ටුවකට මායිම් නොකොට තැනුව නගර සභාවේ අනුමැතියක් නොමැතිව සැලැස්ම පවා මහනගර සභාවේ සම්මත නොකර ගරු නගරාධිපතිවරයාද, ගරු නාගරික මන්ත්‍රීවරැ 25දෙනාද, රූකඩ බවට පත්කර සිටින ඒ  බලපුළුවන්කාරකම් කරන නායකයා කවුද ?

10. රාජපක්ෂ උද්‍යානය

මම මේ ගැන වැඩිය කථා කරන්න යන්නේ නැ.මොකද මේ සභාවේ අපි උද්‍යානය ගැන විවිධ අවස්ථාවල වාද විවාද කරල තියෙනවා
අද වෙනකොට මේ උද්‍යානය වහලා අවුරුදු 7 ක් වෙනවා .මේනිසා වෙලා තියෙන පාඩුව කෝටි ප්‍රකෝටි ගාණක් එවගේම දැන් මේ ක්‍රියාත්මක ව්‍යාපෘති වලටත් කෝටි ගාණක් වැය කරන්න වෙනවා.

මම මේ පෙන්වා දුන්නේ නගර සභාවට අයත් මීගමුවේ බදු ගෙවන ජනතාවට අයත් දේපොල වලට අද වන විට පත්ව තිබෙන කණ්ගාටු තත්වයයි.
ඒ මම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනේනේ මේ යෝජනාවට ඡන්දයක් පැවැත්වුවහොත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ස්වාධිනව තම ඡන්දය පාවිච්චි කරන්න කියලයි.

( ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්විමේදි තින්දු කරගෙන ඇති පරිදි එදින පැමිණ සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 15 දෙනෙකු රොයිස් විජිත මහතා විසින් නගර සභාවේ මහජන දේපල කොල්ලකෑම පිළිබදව  ගෙන ආ යෝජනාව පරාජය කිරිම සදහා ඡන්දය ලබා දුණි.
විපක්ෂය වෙනුවෙන් එදින පැමිණ සිටි මන්ත්‍රිවරුන් 5 දෙනා පමණක් මෙයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.)