මීගමුවේ සහ අවට food city වලට හොරු පැනලා..?

0
506

පසුගිය දින කිහිපයකදී මීගමුව අවට ප්‍රදේශ කිහිපයක පිහිටි කාගීල්ස් ෆුඩ් සිටි කිහිපයකට අළුයම් කාලයේ ඇතුළු වී එහි තිබූ මිල අධික බෙහෙත් ද්‍රව්‍ය, මිල අධික දුම්වැටි (සිගරට්) මිල අධික කිරිපිටි සොරාගෙන ගොස් ඇතැයි වාර්තාවේ.ඒ අනුව පසුගිය මාර්තු 31 වෙනිදා උදෑසන අළුයම් කාලයේ මීගමුව- කුරණ ෆුඩ් සිටි ශාඛාවේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වී ඇති සොරෙකු පිළිබඳව cctv වල සටහන් වී ඇති අතර මීගමුව පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවද මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි දැනගන්නට ලැබුණි..

එලෙසම කිඹුලාපිටිය ෆුඩ් සිටි ශාඛාවට අප්‍රේල් 02 දින අළුයම ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වු සොරෙකුද cctv දර්ශන මගින් කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව දළුපත ෆුඩ් සිට් අප්‍රේල් 6 වැනිදා අළුයම් කාලයේදී එහි ඉදිරිපස දොරටුවෙන් ද සොරකු හෝ කිහිපදෙනෙකු පැමිණ ඇති අතර එම ශාඛාවෙන්ද වටිනා ද්‍රව්‍ය රැසක් සොරා ගෙන ගොස් ඇතැයි වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here