මීගමුවේ සහ වත්තල පරාජයේ ලැජ්ජාව වහගන්න ලංසා අසාර්ථක උත්සාහයක !

0
177

ලංසා අත්පත්‍රිකාවමීගමුව සහ වත්තල යන ආසන දෙකම ලංසා සංවිධාකයා ලෙසින් සිය වගකිම භාරගෙන කටයුතු කළ ආසන දෙකක් ලෙසින් සැලකිය හැක.
මීගමුවේ ගෝඨාභයගේ ඡන්ද ව්‍යාපාරය පමණක් නොව අවසන් මහා රැළියද සංවිධානය කර තිබුනේ නිමල් ලංසා සහ දයාන් ලංසා එක්වය.
ඒ සදහා මිගමුවේ සිටින ජේෂ්ඨ දේශපාලකයෙකු වු සරත් ගුණරත්න කිසිදුු කටයුත්තකට පවා සම්බන්ධ කර ගත්තේ නැත.
කටුවාපිටියේ බෝම්බය යහපාලන ආණ්ඩුව මත පටවා කිතුණු ජනයාගේ අනුකම්පාව දිනා ගැනිම සදහා නිමල්ලංසා පාර්ලමේන්තුව තුළ අසාර්ථක උත්සාහක නියැලුනා පමණක් නොව මීගමුවේ පැවැති අවසන් රැළියට කටුවාපිටියේ වින්දිතයෙකු පවා වේදිකාවට නැන්විමට කටයුතු කර තිබුණි.
එයට අමතරව කිතුණු ජනයා නොමග යැවිම සදහා මුස්ලිම් විරෝධි පත්‍රිකා පවා ලංසා පවුලේ ආධාරකරුවන් ගම්වල බෙදාහැරියේය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු නිළ වශයෙන් අවසන් වෙමින් තිබියදිද හොර පෝස්ටර් අලවිමින් කටුවාපිටිය බෝම්බයත් ඒ ජනයාගේ දුකත් විකුණාගෙන කැමට අමතක නොකලේය.
මේ සියළු උත්සාහයන් පරාජය කරමින් නිමල් ලංසාගේ දේශපාලන ඉරණම බිත්තියටම හේත්තු කළ වත්තල සහ මිගමුවේ ජනයා වත්තලත් මිගමුවත් ලංසා පවුලේ හවුල් දේශපාලනට එරෙහිව ගෝඨාබය පරාජය කිරිමට තීන්දු කොට තිබුණි.
තතු මේසේ වෙද්දි පොහොට්ටුවේ අනිකුත් දේශපාලකයන් නායකයත්වය දුන් ගම්පහ දිස්ත්‍රික්කයේ සි්‍යළු ආසන ගෝඨාභයට ජයග්‍රහණය ලබාදිම තිබුනේ දැවැන්ත වැඩි ඡන්ද ගණන් වලිනි.
මේ නිසාම ගම්පහ දිස්ත්‍රික්කය ලක්ෂ 3 ඉක්මවු වැඩිඡන්ද ගණනක් කරා ගොස් තිබුණි.
මේ යථාර්ථය තුල ලංසා සැබැවින්ම අපහසුවතාවකට ලක්ව තිබේ.්
එය ඉතා පැහැදිලිය.
මේ නිසාම දැන් ලංසා සිය ගෝලබාලයන් ලවා මුහණු පොතේ විවිධ පැහැදිලි කිරිම් පටන් ගෙන තිබේ.
මෙහි අළුත්ම සටහන විසින් ජාතිවාදයත් ආගම්වාදයත් අවුලවමින් මිගමුවේදි හංසයාට කතිරය ගසා ඇත්තේ ඊළමට කැමැති දමිල ජනයා සහ අන්තවාදින්ට කැමති මුස්ලිම් ජනයා යැයි කියමින් දැවැන්ත බොරුවක් සමාජ ගත කරන්නට දැන් පටන් ගෙන තිබේ.
එය සැබැවින්ම බියකරුය.nimal dayan Faris
අද අප හමුවේ ඇත්තේ එක්සත් ශ්‍රිලංකාවක් ගොඩනැගිමේ බරපතල අභියෝගයයි. තතු එසේ වෙද්දි තමන්ගේ අසාර්ථකත්වය මත ආසන පරාජය කරගත් ලංසා එහි වරද දමිළ සහ මුස්ලිම් අය මත පටවන්නට පටන්ගෙනය. ඇත්තම තත්වය නම් අද මිගමුවේ මහනගර සභාව ලංසා පාලනයට නතු කරගත හැකි ව ඇත්තේද ලංසා විසින්ම දැන් අවලාද නගන මුස්ලිම් ජනයාගේ ආධාරයෙනි. නමට හෝ නියෝජ්‍ය නගරාධිපති කෙනෙකු සිටින්නේද මුස්ලිම් ජනයා නියෝජනය කරමිනි.
ලංසා දක්ෂ සංවිධායකයෙකි.
අතදිගහැර වැය කරන්නට මුදල්ද තිබේ.
එ නිසාම බඩු බෙදිම පමණක් නොව එජාප නාගරික මන්ත්‍රිලාය සිය දපනය තුල තබාැනිමට ඇති තරම් මුදල් වැය කිරිමට ඔහු රුසියෙකු විය.
එහෙත් ඔහු වැරදුන තැනක් තිබේ.nimal saka sarath
එනම් කුමන්ත්‍රණකාරි ලෙසින් සිය දේශපාලන සගයන් කපා දමා අයියා මල්ලි දේශපාලනයට පිවිස තිබිමය. මේ නිසාම සරත් ගුණරත්න වැනි ජේෂ්ඨ දේශපාලකයකෙුද ,මුස්ලිම් ජනයා අතර සැබැ ජනපදනම් සහිතව ක්‍රියාත්මක වු සකාවුල්ල ා වැනි අය පමණක් නොව වසර ගණනක් ජනයාගේ ප්‍රශ්ණ හා එක්ව කටයුතු කරමින් ජනපදනමක් සහිතව සිටි කපිල නන්දසුලෝචන වැනි අයද ලංසා පවුලේ අයියා මල්ලි දේශපාලනය විසින් නැතිකරගෙන තිබුණි. සැබැවින්ම  වත්තල සහ මිගමුව පරදින්නට මෙයද තිරාණාත්මක ලෙසින් බලපා ඇත.
අනික් ප්‍රබලතම සාධකය වන්නේ ලංසා පවුල් හවුල් දේශපාලනය තිරාණාත්මකව පරාජය කරමින් ලංසා පවුලේ දේශපාලන බලකොටුව සුණුවිසිණු කරන්නට මීගමුවේ එජාප හිටපු සංවිධායක රොයිස් විජිත විසින් සිදුකර තිබුණ දැවැන්ත මැදිහත්විමයි.
ඒ හමුවේ පසුගිය මැතිවරණ සියල්ලම ලංසා පවුලට එක්කර දි තිබුනේ පරාජයක්ම පමණි. ඒ මැතිවරණ වලින් පසු ලංසා එදා ඊළමට කත් අදින අය ගැන හෝ මුස්ලිම් අන්තවාදය ගැන පශ්චාත් මරණ පරික්ෂන සටහන් තැබුවේ නැත.roies new 1
ඇප ලබාගන්නට නොහැකි පසුබිමක්  හරහා රොයිස් විජිතව ජනාධිපතිවරණය පසුවන තෙක් සිරගත කොට තබාගැනිමේ ඒ වාසියද මිගමුව දිනාගැනිමට යොදාගන්නට ලංසලා  කල්පනා කළද රොයිස් විජිත විසින් ඇමතිධුර 12 ක් තිබියදි ලංසා පවුලේ දේශපාලනය එදා තිරාණාත්මකව පරාජය කරමින් මිගමුව තුල හැදු ලංසා විරෝධි මතවාදය මෙවරද ක්‍රියාත්මක විය.එය යළි රුපියල් කෝටි ගණන් වැයකරමින් හෝ ජයගත නොහැකි යථාර්ථයක් බවට පත්ව තිබේ.
එබැවින් මෙවර මිගමුවේ ජයග්‍රහණය යනු  දුර්වලම සංවිධාකයෙකු වු කාවින්දගේ ආශ්චර්යක් නොවන බවද මෙහිලා සටහන් කළයුතුමය.