මීගමුවේ, ස්කුටර් පදින කාන්තාවන් බොහොමයකට රියදුරු බලපත් නැහැ ?…

0
66

මීගමුව පුරා ස්කූටි පෙෆ් සහ ප්ලෙෂර් වර්ගයේ ගියර් නොමැති ස්කූටර් පදවන කාන්තාවන් බොහොමයකට යතුරු පැදි පැදවීම සදහා ලබා ගත යුතු නිසි රියදුරු බලපත‍්‍ර නොමැති බව වාර්තා වේ. පසුගියදා මීපුර පුවත් පත සමගින් කල විශේෂ පිලිසදරකදී  මීගමුව රථ වාහන පොලිසියේ ස්ථානාධිපති ඇන්ටන් පෙරේරා මහතා මේ බව අනාවරණය කලේය.

විශේෂයෙන්ම මේ වනවිට මීගමුව නගරයේත් ඊට ආසන්න  ප්‍රදේශවලත් නව විලාසිතාවක් ලෙස මෙලෙස මෙම කුඩා ස්කූටර් වලින් ගමන් යන එන කාන්තාවන් ද විශේෂයෙන් දරුවන් කිහිප දෙනෙකුව නංවා ගෙන ගමන් කරන මව්වරුන්ද දැක ගත හැකිය. මෙලෙස ස්කූටර් පදවන මව්වරුන් ඇතු`ඵ බොහෝ කාන්තාවන්ට කිසිදු රියදුරු බලපත‍්‍රයක් නොමැති බව පරීක්ෂන වලදී හෙලි වී තිබේ.

එලෙසම හදිසි අවස්ථාවකදී ස්කූටරයේ තිරංග ක්‍රියාත්මක කල විට බොහෝ කාන්තාවන් එවැනි අවස්ථාවලදී අනතුරට පත් වන්නේ තමන්ට එය පාලනය කර ගත නොහැකි වීමෙනි. විශේෂයෙන්ම මෙම ස්කූටර් වල රෝද ප්‍රමානයෙන් කුඩාවීම නිසා හදිසි තිරංග තද කිරිමේදී යතුරු පැදිය පාලනය කර ගත නොහැකිවිමෙන් මෙවැනි අනතුරු පසුගිය කාලය තුල ඉහල ගොස් තිබේ.