මීගමුවේ සාමයට ගිණි තියන්න හදන ජාතිවාදි නඩයට එරෙහිව පොලීසිය නිහඬ ඇයි?

0
73

IMG-20190806-WA0010මීගමුවේ සහ අවට සාමය සංහිදියාව බිද දමා යළිත් ජාතිවාදි ගිණි අවුලවන්න හදන නඩයක් පසුගිය කාලය තුල කටාන පොලිස් වසම තුල නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වුවද ඒ අය නීතිය හමුවට පමුණුවා නිසි දඩුවම් දිමට කටාන පොලිසිය සැබැවින්ම අපොහොසත්විය.
දැන් යළිත් මේ ජාතිවාදි නඩය ක්‍රියාත්මක වි ඇත.
ඒ කටුවාපිටිය ප්‍රදේශයේ ඇති සුවරුමක වීදුරුවකට ගලක් ගසා කඩාකප්පල්කාරි ක්‍රියාවක නිරතවෙමිනි.
මිගමුව කොප්පරා හංදියේ සිට කටාන වයි හංදිය දෙසට දිවෙන මාර්ගයේ පසුගිය කාලය තුල මුස්ලිම් ව්‍යාපාරිකයන්ට එරෙහිව පහර දිම් තර්ජනය කිරිමේ  සිදුවිම් කිපයක්ම විය.
ඉන් පළමුවැන්න වාර්තා වුයේ අප්‍රෙල් බෝම්බ ප්‍රහාරයෙන් පසුවය.
මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් කඩ කිපයකට යතුරු පැදි වලින් පැමිණි පිරිසක් කඩවලට පහරදි තර්ජනය කොට තිබුණි.
එසේ පැමිණ තිබුණ යතුරු පැදිවල අංක පවා පොලිසියට ලබාදිමට පහර කෑමට ලක්වු ව්‍යාපාරිකයන් විසින් කටයුතු කර තිබුණි.
ඒ ගැන අප ඒ දිනවල කටාන පොලිසියේ උසස් නිළධාරින්ගෙන් විමසා සිටියදි ඔවුන් කියා සිටියේ අදාල යතුරු පැදිවල අංකවල හිමිකරුවන් සොයාගැනිම සදහා මෝටර්රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට දන්වා යවා ඇති බවය.
මේ පාරේම දෙවන සිදුවිම වාර්ථා වුයේ පසුගිය ජුලි 21 වනදාය.
මේ පාරේ ඇති මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පැමිණ ඇති මැර කණ්ඩායමක් එහි හිමිකරුවන්ට දන්වා තිබුණේ සියළුම මුස්ලිම් කඩ වසා දැමිය යුතු බවය.ඉන් නොනැවතුන මේ ජාතිවාදි මැරයන් මේ ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට ඌරු ඔළු තබා ගොස් තිබුණි.එපමණක් නොව ජුලි 21 වෙනි දිනට යෙදුන තෙමස් සමරුව නිමිති කො⁣ට ජාතිවාදය අවුස්සන පෝසටර පවා ඇලවිමට කිසියම් ජාතිවාදින් පිරිසක් කටයුතු කර තිබුණි.
දැන් අද මේ පාරේම සුරුවමක වීදුරුවකට ගලකින් ගසා තිබේ.මෙතනට රැස්ව සිටින බුද්ධිමත් ජනයා පවා ඉතා පැහැදිලිව කියා සිටින්නේ යම් තත්වයක් අවුලන්නට කිසියම් ජාතිවාදින් පිරිසක් සිදුකරන ලද්දක් බවය.
රටේ දේශපාලනයද උණුසුම් වෙමින් තිබේ. රටතුල ජාතිවාදය අවුලුවා රට ගිනි තබා බලයට එන්නට වලිකන බංකොලොත් දේශපාලනයක්ද අදටත් රටතුල ක්‍රියාත්මකය.

ආරක්ෂක අංශ දැනටමත් මේ ස්ථානයට පැමිණ සිද්ධිය ගැන පරික්ෂණ ක්‍රියාත්මක කරමින් සිටින බැව් පෙනේ. එහෙත් ප්‍රධාන කරුණ වන්නේ සාමකාමිව පවතින මිගමු නගරය ගිණි අවුලුවන්න හදන මේ ජාතිවාදි නඩය කව්දැයි වහාම හෙළිදරව් කරමින් තරාතිරම නොබලා නිසි දඩුවම් දිමට පියවර ගැනිමය.
මේ පිළිබදව කටාන පොලිසිය මේ දක්වා කටයුතු කර ඇති අන්දම ගැන නම් සෑහීමකට පත්විය නොහැක.