මීගමුවේ සැරිසරන මොණරු ගැන තවත් කථාවක් !

0
448

FB_IMG_1586099663748පසුගිය දිනක අප මිතුරෙකුගේ මුහුණු පොතේ තිබුනේ මෝරවලට පැමිණ තිබුණ මොණරු ගැනය.
ඊයේ තවත් සහනක  තිබුනේ පිටිපන ප්‍රදේශයට පැමිණ තිබුණ හැඩකාර මොණරෙකු ගැනය. ඒ සටහන තබා තිබුනේ මෙරිල් පිරිස් නම් අපගේ සහෟද මිතුරෙකි විසිනි.මොණරු1මොණරු 2
එ සටහනට පිළිතුරක් ලියන මෙරිල් මිතුරෙකු මිගමුවෙ සහ අවට මොණරු ගැන තවත් කථාවක් කියා තිබුණි.ඔහුට අනුව කලපු දූපත්වල හෝටලයක් පවත්වාගෙන යන එක්තරා ව්‍යාපාරිකයෙකු විසින් පසුගිය කාලය තුල කලපු දුපත් වෙත විවිධ වර්ග වල සත්තු ගෙනවිත දමා තිබුණ බවත් මොණරුද එහි ප්‍රථිලයක් බවත් සටහන් කොට තිබුණි.
කලපු දුපත් වල වු කඩොලාන පරිසරය තුල දැන් සැලකිය යුතු වදුර ගහනයක් තිබේ. ඒ අදාල ව්‍යාපාරිකයා විසින් සිය සංචාරක කර්මාන්තයට අදාල සිදුකරගෙන යන බෝට්ටු සවාරිවලදි විදේශිකයන්ට පෙන්විමට මෙසේ සතුන් කලපු දුපත්වලට අතහැර දමා තිබේ.
වරක් ධිවරන් පිරිසක් අපට කියා සිටියේ එක් දුපතක දිවියෙන් ද සිටින බවට ධිවරයන් විසින් දැක ඇති බවය.
මේ ව්‍යාපාරිකයාගේ සංචාරක ආකර්ශනය වෙනුවෙන් මේසෙ අත කලපු දුපත්වලට අතහැර දැමු සතුන් දැන් කුසගින්නේ පසුවන බවද ඒ ගැන තතු දන්නෝ කියා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here