මීගමුවේ සෙත් FM සහ රංග TV බොදුබල සේනා හා එක්වෙයි.?

0
244
බොදුබල සේනා සංවිධානය විසින් අන්තර් ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලද දැන්විම

 

බොදුබල සේනා සංවිධානය විසින් අන්තර් ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලද දැන්විම
බොදුබල සේනා සංවිධානය විසින් අන්තර් ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලද දැන්විම

මීගමුවේ ප්‍රාදේශිය ගුවන් විදුලිය වු සෙත්  FM සහ වෙබ් TV චැනලයක් ලෙසින් ක්‍රියාත්මක රංග TV ආයතනය අද කටුනායක  පැවති (ජුනි 30) බොදු බලසේනා මහා සමුළුවේ සජිවි විකාශයන් ඉදිරිපත් කරමින් බොදුබලසේනාවට කටහඩදිම සදහා එක්ව වන බවට බොදු බල සේනා විසින් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් දි තිබුණි.
එහෙත් සෙත් FM නාලිකාව මේ කටයුත්තට සම්බන්ධ නොවු බව නාලිකා ප්‍රධානි ඇන්ටන් ජයමහ පවසයි.
ලංකාවේ නිළ නොවන පොලිසිය තමන් ලෙසින් හදුන්වාගත් බොදුබල සේනා සංවිධානය අනෙකුත් ආගම් වල විශ්වාසයන් හෑල්ලුවට ලක්කරමින් මේ රටේ ආගමික සහජිවනය අර්බුදයට ලක්කරමින් තිබිම ගැන බෞද්ධයන් අතරේම බලපතල සංවාදයක් මතුව තිබේ.
මීගමුව යනු සියළු ආගම් සහ ජාතින් එක්ව සමගියෙන් කල් යවන දේදුණු නගරයකි.මේ ප්‍රාදේශිය මාධ්‍ය ආයතනයන් දෙකම ක්‍රියාත්මක වන්නේ මීගමුව මුල් කරගෙනය.
විශේෂයෙන්ම බොදුබල සේනාවේ ආගමික අන්තවාදය නිසා මුස්ලිම් ජනයා සහ කිතුණු ජනතාව මහත් වු පිඩාවකට පත්ව සිටිති.