මීගමුවේ හා කටානේ පොහොට්ටු දේශපාලකයන් කාර්දිනල් හිමි හමුවුයේ ඇයි ?

0
112

CARDINAL 1(9.10 am )මිගමුවේත් පසුව රටපුරාත් ඇවිල ගිය කලබල කාරි තත්වයක් සහ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස් වලට සිදුකර ඇති පහර දිම් පිළිබදව  බරපතල ප්‍රකාශයක් කරමින් කාර්දිනල් හිමියන් කියා සිටියේ දේ විනාශකාරි දේවල් පිටුපස දේශපාලකයන්ගේ ප්‍රාදේශිය ගෝලබාලයන් සම්න්ධ බවය.
මේ අතර මිගමුවේ සිදුවිම් වලට පොහොටටුවට සම්බන්ධ ඇතැමුන්ගේ නම් පවා පසුගිය දිනවල කියැවෙන්නට පටන්ගෙන තිබුණි.
ඊයේ පැවැති හිරු බලය වැඩසටහනින් මිගමුව එජාප ආසන සංවිධායක කාවින්ද ජයවර්ධන විසින්ද නිමල් ලංසාට මේ චෝදනාව එල්ල කොට තිබුණි.ඔහු විසින් පොහොට්ටුවට සම්බන්ධ පිරිසකගේ නම්ද කියන්නට පටන් ගත්තේය.
එපමණක් නොව මිගමුවව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් හට කඩිනමින් ඇප ලබාගැනිමට පොහොට්ටුවේ ඇතැම් ප්‍රබලයන් සහය පළකර තිබිම පිළිබදවද පුළුල් සමාජ කථිකාවක් නිර්මාණය වි තිබුණ අතර ඒ සම්බන්ධයෙන් කාර්දිනල් හිමියන් පවා සිය නොසතුට මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කර තිබුණි.
මේ සියල්ල නිසා දැවැන්ත පසුබෑමට මිගමුවේ දේශපාලකයන් පත්ව සිටි අයුරු පසුගිය දිනව පැහැදිලිව පෙනි ගියේය.
කාර්නල්හිමියන් ඉක්මනින් හමුවි කරුණ පැහැදිලි කර දිමට  මේ අය  එහි යන්නට ඇත්තේ ඒ හෙයිනි.
පසුගියදා මිනුවන්ගොඩ මෙන්ම වයඹේදි සිදුකර ඇති දැවැන්ත විනාශයන් පිටුපසද පොහොට්ටු දේශපාලකයන් සිටි බවට දැන් රටටම හෙලිවෙමින් තිබේ.
මේ සියළු වර්ධනය හමුවේ පසුගිය දිනක අප ඇමතු මිගමුවේ පොහොට්ටු සඃවිධායක සරත් ගුණරත්න කියා සිටියේ තම කණ්ඩායමේ අය එවැනි කලබල ඇති කිරිමට මැදිහත්ව ඇතිනම් නිතියෙනු දඩුවම් කිරිම පොලිසියේ රාජකාරිය බවත් පසුගිය දිනක මිගමුව මහනගර සභාවේ පොහොට්ටු අපෙක්ෂකයන් සියලු දෙනාම කැදවා කිසිදු කලබලකාරි සිදුවිම් වලට කිසිසෙත්ම සම්බන්ධ නොවන ලෙසටද තමන් උපදෙස් ලබාදුන් බවද කියා සිටියේය.
දැන් මිගමුවේ සිදුවිම් පිටුපස පොහොට්ටුවේ ක්‍රියාකාරින් සිටින බවට එල්ල වන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවද වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
එහෙත් මේ වන විට මිගමුවේ පොහාට්ටු ක්‍රියාධරයන්ගේ පසුගිය දිනවල හැසිරුන ආකාරය පිළිබදව දැන් මිගමුවට ප්‍රසිද්ධ රහසක්වි තිබේ.
කාවින්ද ජයවර්ධන ඊයේ දිනයේ නිමල් ලංසා වෙතට එල්ල කරන ලද චෝදනාව ගැන ඔහු නිරුත්තර වන්නට ඇත්තේද ඒ නිසාම විය යුතුය.

,