මීගමුවේ හිටපු එජාප නාගරික මන්ත්‍රිවරුන් 4 ක් ස්වාධින කණ්ඩායමකින් මැතිවරණ සටනට ?

0
88

( 10.00 am ) මෙවර මිගමුව පළාත් පාලන ඡන්දය යනු වෙන කිසිදිනක  ඉදිරිපත් නොවු ස්වාධින කණ්ඩායම් රැසකින් සමන්විත ඒකක් වන බව දැනටමත් ලැබෙන වාර්තා අනුව පෙනි යයි .

මේ නිසාම මාලිමාවට පැහැදිලි බහුතරයක් ලබා ගැනිම පවා අතිදුෂ්කර ඉලක්කයක් වනු ඇතැයි මේ දිනවල මිගමුවේ දේශපාලන  කව වල සංවාදයට බදුන්ව ඇති උණුසුම් මාතෘකාව බවට පත්ව තිබේ.

ලංසා පවුලෙන් ගිලිහි ගොස් ඇති මිගමු බලය යළිත් අත්පත් කර ගැනිම සදහා මේ වන විටත් ස්වාධින කණ්ඩායම් රැසක් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කිරිමට සුදානම් කර ඇතැයි වාර්ථා‌ වේ.

මේ අතර එජාප හිටපු නාගරික මන්ත්‍රිවරුන් 4 දෙනෙක්ද මෙවර ස්වාධින කණ්ඩායමකින් තරග වැදිමට නියමිතව ඇතැයි වාර්තා වන අතර ඒදා සිටම ලංසාලා‌ගේ පවුල් පාලනයට එරෙහිව කටයුතු කළ පිරිසක් ලෙසින් මේ කණ්ඩාඩායම සමාජ මතයක් ගොඩනගා ගෙන ඇති පිරිසක් ලෙස සැලකේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here