මීගමුවේ හිටපු නගරාධිපතිගේ බලු කථාව ….????

0
42

NGB mayorමීගමුව මහනගර සභාවේ හිටපු නගරාධිපති  ඇන්ටනි  ජයවීර මහතා විසින් මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි කියන්නට යෙදි ඇති බලු කථාවක් ගැන පසුගිය දිනවල නගරසභා නිළධාරින් අතර මෙන්ම හිටුප නාගරික මන්ත්‍රින් අතර යම්කථාබහක් ඇතිව  තිබුණි.
එයට නිමිත්ත වි තිබුනේ නාගරික කොමාසාරිස්වරයා විසින්  හිටුප නගරාධිපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් කැදවා පැවැති හමුවකදිය.
මෙහිදි අදහස් දක්වමින් හිටුප නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා විසින් බල්ලන් වර්ග 3ක් ගැන කියා ඇත.
එනම් හිලෑ බල්ලන්,බුරන බල්ලන්,සහ හපා කන බල්ලන් ලෙසය.මේ තුන්ආකාරයේම බල්ලන් තමන්ගේ නගර සභාධුර කාල තුල තමන්ට හමුවි ඇති බවත්
හපා බල්ලන් වෙත මස් කෑල්ලක්ම දෙන්නට සිදුවණ බවත් ඔහු වැඩිදුරටත් කියා ඇතැයි වාර්ථා වේ.
හිටපු නගරාධිපතිවරයා මෙසේ කියා ඇත්තේ මීගමුව මහනගර සභාවේ මන්ත්‍රි මණ්ඩලය ගැන නම්  මේ බලු වර්ගයන් ගැන එකිනෙකාට ආදේශ කරගනිමින් සිටින බවද සැලය.
කෙසේ වෙතත තමන් කිසිදු අමතක කරන්නේ නැති පිරිසක් එජාප නාගරික මන්ත්‍රින් අතරේ සිටින බව වරක් ඔහු විසින් මහසභා රැස්විමකදිද කියා තිබුණි.

Save