මීගමුවේ හිටපු M.O.H ටත් කොරෝනා අසාදනය වෙයි .

0
108

corona-web4-825x412මිනුවන්ගොඩ, යකහටුව ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ සේවය කරමින් සිටියදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දුන් ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහලේ වෛද්‍යවරයකුට ද වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුව IDH රෝහලට ඇතුලත් කළ බව ගම්පහ මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රියන්ත ඉලේපෙරුම ප්‍රකාශ කර තිබුණි

ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහලේ ළමා රෝගි අංශයේ සේවය කරන එම වෛද්‍යවරයා ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන පුද්ගලික
වෛද්‍ය මධ්‍යස්ථානයෙදී ඇගලුම් කම්හලේ සේවය කරන සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව මෙලෙස වෛරසයට ගොදුරුවී ඇති බව තහවුරුවී තිබේ

ඒ අනුව මෙම වෛද්‍යවරයා ගම්පහ රෝහලේ සිට IDH රෝහලට මාරු කොට යවා ඇති බවයි ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.
ඔහු මිගමුවේ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාද වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here